ග්‍රහ යෝග විවරණය

දෙසැම්බර් 25, 2020

රජ්ජු යෝගය

චර (මේෂ, කටක, තුලා, මකර) යන රාශිවල පමණක් ග්‍රහයින් සිටීමෙන් යෙදේ.

ප්‍රතිඵල ඇවිදීමට දක්ෂය. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාකරයි. ස්ථිර චින්තනයක් නැත.

මූශල යෝගය

සියලුම ග්‍රහයින් ස්ථිර (වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ) රාශිවල පමණක් සිටීම, අන්‍යස්ථාන හිස්ව තිබිය යුතුයි.

ප්‍රතිඵලආත්ම ගෞරවය ආරක්ෂා කර කටයුතු කරයි. ක්‍රියා ශූරය. ධනය යසස, සැපත ලබයි. රජයෙන් උදව් ලැබේ.

විවරණය ස්ථිර රාශිවල ග්‍රහයෝ චර රාශිවල ග්‍රහයින්ට වඩා තිර බවක් හා ගුණ බවක් ගෙන දේ.

නල යෝගය.

සියලුම ග්‍රහයින් උභය (මිථුන, කන්‍යා, ධනු, මීන) රාශිවල පමණක් සිටීම.

ප්‍රතිඵල ධනය සැමදා ගෙන දේ. පී‍්‍රතිමත් ඥාතීන්ට පි‍්‍රය ජීවිතයක් ගත කරයි.

මාලා යෝගය - සෞම්‍යයන් කේන්ද්‍රගතවද පාපයින් කේන්ද්‍රවලින් පිටතට යෙදීමෙන් යෙදේ.

ප්‍රතිඵල - රූමත්ය, සැපවත්ය, වාහනලාභ ආභරණ ලබයි.

භද්‍රා යෝගය - සියලුම ග්‍රහයින් එක ළඟ කේන්ද්‍ර දෙකක සිටීම.

ප්‍රතිඵල රන් රුවන්, නොයෙක් වස්තු හා සැප ලබයි. සංගීතයට රුචිය.

හල යෝගය - ත්‍රිවිධාකාර වේ. 4, 8, 12 යන ස්ථානවල පමණක් ග්‍රයින් සිටීම 7, 3, 11 යන ස්ථානවල පමණක් ග්‍රහයින් සිටීම.

ප්‍රතිඵල නෑයන්ගෙන් වෙනස් වේ. ස්ථිර ආදායම්, මාර්ගයක් නැත. අගහිඟකම් නිතර ගෙන දේ.

විවරණය - සියලුම භාවයන් ධර්ම, අර්ථ, කාම මෝක්ෂ යන ත්‍රිකෝණ සතරකට බෙදේ. 1, 5, 9 මෝක්ෂ වේ. මිනිස් ජීවිතයේ ග්‍රහ බලය මෙම ත්‍රිකෝණ හා සම්බන්ධ ග්‍රහයින්ගේ බල මත රැඳේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.