ග්‍රහ අපල දුරුකරන බලි යාගය

නොවැම්බර් 27, 2020

බලියන වචනයෙහි මූලික අර්ථය පූජාව යන්නය . එහෙත් අද එම වචනය මැටියෙන් අඹන ලද රූප හැඳින්වීම සඳහාද යොදනු ලැබේ. ග්‍රහ දෙවියන්ගෙන් සිදුවෙතැයි කියන අපල උපද්‍රව දුරුකිරීම පිණිස ඒ ග්‍රහ දෙවිවරුන්ගේ රූප මැටියෙන් අඹා සිදුකරන ශාන්තිකර්මය ‘බලියාගය’ නමින් හඳුන්වන ලබයි. බලියාගයේ කෙරෙන චාරිත්‍ර අතර විශේෂ චාරිත්‍ර වන්නේ බලිමඩුවක් තනා ගැනීම හා බලිරූප ඇඳීමය. මේ සඳහා දින කීපයක් ගතවේ. බලිමඩුව තනාගත් බලි ඇදුරෝ බලිගෙදරට උතුරින් පිහිටි තුඹසක් පේකොට ඒ තුඹසින් මැටිගෙන බලිරූප අඹති. ඒ මැටියෙන් අඹන මුල්ම බලිරූපය අත්බලිය නමින් හැඳින්වේ. යාගයට නියමිත් බලිරූප අඹා නිමවූ පසු සුබ මොහොතින් ඒ බලිරූපවල නේත්‍ර තබා ආතුරයාට (රෝගියාට) අපල ඇති තැනැත්තාට) පෙන්වන තුරු ඒවා කඩතුරාවකින් (සුදුරෙද්දකින්) වසා තැබීම මෙහිදී කෙරෙන ප්‍රධාන චරිත්‍රයකි. බලියාගයේ සිදුකෙරෙන බොහෝ දේ බුදු සමය හා සම්බන්ධය. බලියාගවල සිදුකරන පූජා විධින් ගායනා කරන මන්ත්‍ර හා ස්තෝත්‍රත් වැදගත් තැනක් ගන්නා අතර ඒවා තොවිල්වල සිදුකරන පූජා විධි හා මන්ත්‍ර ස්තෝත්‍ර ආදියට වඩා වෙනස්ය.

බලියාගය නක්ෂත්‍රය (කේන්ද්‍රය /ඡ්‍යොතිෂය) ට

සම්බන්ධ ශාන්ති කර්මයකි

බලියාගය නක්ෂත්‍රය පිළිබඳ විශ්වාසය හා ග්‍රහයින් පිළිබඳ විශ්වාසය සමඟ සමීප සම්බන්ධකම් ඇති යාගයකි. මිනිසාගේ දෛවය හෝ ඉරණම තීරණය වන්නේ ග්‍රහයන්ගේ බලපෑම් නිසා යැයි සිංහලයෝ අතීතයේ සිටම විශ්වාස කළහ. ඒ අනුව ඔවුහු සෑම කරන ලද පාපකර්මවල විපාක ලැබෙන කාලයකි. ඡ්‍යොතිෂවේදී එය ඒරාෂ්ඨක අපල හෝ වෙනත් අපල කාලයක් නමින් හඳුන්වයි. කර්ම නියතයට අනුව කොතැනක සිටියද කර්මයෙන් ගැලවිය නොහැකිය. පුද්ගලයා කර්මය දායාද කොට පවතී. එහෙත් බහුල වශයෙන් පින්කම් හා කුසල් කිරීමෙන් ලැබීමට ඇති පාපකර්මවල ජනක අඩුවන හෝ යටපත්වන බව සූත්‍ර දේශනා දෙස බැලීමේදි පැහැදිලි වේ.

ලෝණාඵල සූත්‍රයේදි ලුණුකැටයක් උපමාවට ගනිමින් මේ බව පැහැදිලි කර ඇත. කුඩා දිය බදුනකට ලුණු කැටයක් දැමූවිට එහි ජලය ලුණු රස වෙයි. එය බීමට ගත නොහැකිය. එහෙත් ළිඳක්ම වැනි විශාල ජලයකට ලුණුකැටයක් මිශ්‍ර වූවාට එහි ලුණු රසයක් නොදැනේ. බීමට ගත හැකිය. අඩු වශයෙන් පින් කර ඇති පුද්ගලයාට සුළු පාප කර්මයකින් වුවද බරපතපළ විපාකයන්ට ගොදුරුවෙයි. බහුල වශයෙන් පුණ්‍යකර්ම කර ඇති අයට පාපකර්මවල වේගය අඩුකරගත හැකිය. නැතිනම් යටපත් කරගත හැකිය.

ශාන්තිකර්ම සහ ආධ්‍යාත්මික ප්‍රයෝග

අපල උපද්‍රව දුරු කරගැනීම සඳහා පත්තිනි පුජාව බලියාගය වැනි ශාන්තිකර්ම මෙන්ම පිරිත් දේශනා, පහන්පුජා, ඖෂධ පූජා වැනි ආමිස පූජවාන්ද සුලබව දක්නට ලැබේ. මේ සියලු දේට අමතරව ආධ්‍යාත්මික චිකිත්සාවක්ද බුදුදහම හඳුන්වා දී ඇත.

අනුරුද්ධ තෙරුන් වහන්සේගේ නැගණියගේ කතාව

ගෞතම බුදුන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් අතර දිවැස්ලාභී භික්ෂූන් අතරින් අග්‍රස්තානය ලැබුවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේය. උන්වහන්සේගේ ගිහිකල නැගනියට කුෂ්ඨ රෝගයක් වැළදින. ඇය එම කුෂ්ඨ රෝගය සඳහා නොයකුත් ප්‍රතිකාර කළද ස්ථිර සුවයක් නොලැබුවාය. පසුව ඇයගේ ගිහිකල සොහොයුරා වන අනුරුද්ධ හිමියන් වෙත ගොස් තම අසනීපය ගැන පැවසුවාය. මෙම රෝගය කර්මජ රෝගයක් බව දැන ඒ සඳහා ආධ්‍යාත්මික ප්‍රතිකාරයක් නියම කළේය. තමන්ගේම ශ්‍රමය වැයකොට ආවාස කුටියක් සාදා සාසනයට පූජා කරන ලෙස අවවාද කළේය. එය ඉටු කිරීමෙන් ඇයගේ කුෂ්ඨ රෝගය සුව විය

දෙයාකාරයක බුද්ධ පුජාවන් පවති.

බුදුන් වහන්සේට තෙලින් මලින් සුවඳ දුමින් පූජා පැවැත්වීම ආමිස පූජාව ලෙස සිදුකරමි. උන්වහන්සේගේ ධර්මය තේරුම්ගෙන එම මාර්ගය ප්‍රගුණ කිරීම ප්‍රතිපත්ති පූජාව ලෙස සිදුකරමි. මේ දෙයාකාරයෙන්ම අපල සඵල කරගත හැකිවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.