ගමන් විලාසය පෙන්වන ඔබේ විලාසය

නොවැම්බර් 27, 2020

ස්ත්‍රියක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා ගමනේ විලාසය ඇයගේ ද ඔහුගේ ද චරිතය කියාපාන කදිම සාධකයකි.

සමහර කාන්තාවන් ගමන් කරන ආකාරය බලන විට ඉතා අශෝභනය. මුළු ඇඟම නටව නටවා, අත්පද්ද පද්දා යන ස්ත්‍රියක දෙස බැලීමට පි‍්‍රය ස්වභාවයක් නැත.

විශාඛාවන්ගේ චරිතය කියවන කල මොර සූරන වැස්සේ ස්වාභාවික ගමනින් ඇඟ නොසොල්වා ස්ත්‍රී ලීලාවෙන් එන අයුරු දැක බමුණෝ ‘මහ පොළොව සේ ධෛර්යය සම්පන්න වූ ඉතා පිනැති දරු කෙනෙකැයි, කීහ. ඇය එසේ වේගයෙන් නාවේ ඇයි ද යන්න සම්බන්ධයෙන් බමුණන්ගේ විචාරීමට මෙසේ කියයි.

“.... මම කාය බල නැත්තෙම් නොවෙමි. කාරණා කාරණා දනිමි. දිවීමේ ආදීනවයත් නිසා සෙමෙන් සිට ඇමියි කීහ. මේ ලෝකයේ හතර දෙනෙක් දිවන අවස්ථාවෙහි ඉතා නොරිසියෙකි. ඔහු කවරහු යත් ඔටුනු පලන් ලොවට අධිපති රජු දිවන වේලෙහි ඉතා නොහොබනේය. ස්වභාව වූ ගමනින් රාජ ලීලායෙන් සේ නම් බැලු බැලුවන් ඇසට ඉතා නොහොබනේමය. තවද රජුගේ මගුලැතු සියලු හස්ත්‍යාලංකාරයෙන් සැරසී මග වේ මැද දිවේ නම් ඉතා නොහොබනේ ය. ඇත් ගමනින් එපයින් එපය තබා සේ නම් ඉතා හොබනේමය. තවද යම් තාපස කෙනෙක් සේවයකු සේ දිව දිවයෙත්ම ඉතා නොහොබනාහුය. බොහෝ දෙනා අතින් මේ මහළු හේවායකු සේ දිව යන්නේ ය. යි නින්දාව ලබන්නාහුය. වියදඬු පමණින් දුර නොබලා සන්සුන් ගමනින් නැවකට වඩාලු ප්‍රතිමාවක් සේ ඈත නොසලායෙන් නම් ඉතා නොහොබනාහුමය. තවද යම් ස්ත්‍රියක් පුරුෂයකු සේ දිවේ නම් ඉතා නොහොබිත් බොහෝ දෙනා අතින් මේ තොමෝ ගැහැණියක් නොවෙයි පිරිමියෙකැයි කියා නින්දාව අසන්නීය. ස්ත්‍රී රූපය මද ගමනින් යන කල ඉතා සොබනේමය. මේ කාරණයෙන් දිව දිව නො ආමියි පවසන විශාඛාවෝ එසේ දිව ඒමේ දී අතක් පයක් කැඩුණොත් වන ආදීනවද පෙන්වා දෙමින් වස්ත්‍රාභාරණ තෙමීම වියලා ගැනීමෙන් කළ හැකි නොවේ ද ආදී වශයෙන් බමුණනට බොහෝ කරුණු පෙන්වා දෙති.

කාව්‍යශේඛරයේ සිප් සතර හැදෑරීම සඳහා කුමාරයා යන ආකාරය ශ්‍රී රාහුල හිමියෝ මෙසේ පවසති.

බැඳලා සිනාසු හ

ලෙලවා දැත මතර හ

කුමරු මග යන ර හ

බලා ඇද ගත හැකි ද නෙත් යුග

( 3 සර්ගය - 25 පද්‍යය)

කුමාරයාගේ ගමන් විලාසය නෙත් සිත් පිනවයි. අපූර්ව මානසික චිත්ත නිරූපණයක් ගෙන දෙයි.

කාන්තාවගේ ගමනට ලැසි ගමන යයි කියයි. ඇත් ගමන යයි කියයි. ඇතෙක් ගමන් කරන විලාසය පි‍්‍රයය. කාන්තාවද එලෙස ගමන් කරනු දැක්ම පි‍්‍රයය.

අත් එහාට මෙහාට පද්ද පද්දා ඇඟ එහේ මෙහේ සොලවමින් ගමන් කරන කාන්තාව අධික කාමුක හැඟීමෙන් යුක්තය. නිරතුරු පිරිමි දෙස බලති. මායම් ඉඟි කරති. සෑම විටම තමන් දිහා කවුරු හෝ පිරිමියකු බලාවි යැයි සිතමින් සිටියි. ඇයගේ ගමන බිමන, කතා බහ, හැසිරීම කෙසේ හෝ පිරිමින් රවටාගෙන සිය කාමාශාවන් සන්තර්පන කර ගැනීමය.

පිරිමින්ගේ ගමන් විලාශයක් නම් වේගවත්ව පා තැබීම ය. එක් පාදයක් තබන්නේ අනික් පාදයට වඩා බොහෝ දුරින්ය. එබඳු විටක සිද්ධ වන්නේ ගමන ඉක්මන් වීම කියති. පියවර කෙටියෙන් තබයි. මෙවන් පුද්ගලයෙන් ඉතා අවිස්වාස සහගතය. කල්‍යාණ මිත්‍රයන් නැත. මෙවන් පුද්ගලයෙක් සිසේත් ආශ්‍රයට නොසුදුසුය.

ඇතැම් පිරිමියෙකු ගමන් කරන විට දණහිසෙන් ශබ්දයක් ඇසෙනු ඔබට අත්දැකීම් ඇත. දණහිස ඇට බිඳීමක් සේ පවසන එය ඉතා මූසල කරුණක් සේ වැඩිහිටියෝ පවසති. ගමනක් බිමනක් යන කල පෙර මගට හමුවුවහොත් ඒ ගමන බිමන ඉතා අසාර්ථක වන්නේ යයි කාගේත් අදහසය.

පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේද එබඳු ලෙස දණහිස ඇට කැඩෙන ආකාරයෙන් ගමන් කරනු පෙනේ. ඔවුන්ද මූසල කාලකණ්ණි සේ සැලකේ. එබඳු කාන්තාවක සිටින ගෙදරට වඩා හරියන්නේ නැහැ යන්න සමාජ අදහසයි.

සමහර විට ගැහැනිය ගමන් කරන්නේ දූවිලි ඇවිස්සෙන අන්දමට පාදය තබමිනි. එබඳු කාන්තාව මෙන්ම පාදය ගැටෙන ආකාරයට ගමන් ගන්නා කාන්තාව ද කාගේවත් කීමක් කිසිම ලෙසකින් අසන්නේ නැති ඉතා නපුරු කෲර ගති පැවතුම් ඇති අහංකාර ස්ත්‍රියක් කරා පරපුරුෂ සේවනයට ඉතා ලැදි අතර ඇයගේ චරිතය පිළිබඳ මිනිසුන් කුමක් කීවත් ඒවා ගණනකට වත් නොගනියි. පරපුරුෂයන් සොයා යාම ඇයගේ සිරිතය.

ඇතැම් කාන්තාවන් ගමන් කරන්නේ එක් කකුලක් ඇලවූ පැත්තකට බර වූ ස්වභාවයක් පෙන්වයි. අධික කාමාශාවන්ගෙන් පෙළෙන මොවුහු අන් පුරුෂයන් කරාගොස් සිය සැමියා මුළා කරමින් පර පුරුෂයන් සොය සොයා යන මොවුනට තම සැමියාගේ ආදරය හඳුනා ගැන්මට අවශ්‍ය නැත. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට නොසිතන මෙබඳු ස්ත්‍රීහු විවාහයට පෙර තම පාරිශුද්ධත්වය කෙලෙසා ගන්නට තරම් පෙළඹෙත්. පාදය අද්ද අද්දා ගමන් කරන කාන්තාවෝ වෙති. ඉහත සඳහන් කළ කකුලක් ඇල වූ ආකාරයෙන් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගති ලක්ෂණවලට උරුමකම් කියත්.

සමහර කාන්තාවන්ගේ දකුණු කකුලේ සුළැඟිල්ල පොළොවේ නොවදියි නම් හෙවත් උස්ව පිහිටා ඇත්නම් ඇය තුළ අන්‍ය පුරුෂ ඇසුර පි‍්‍රය කරන ස්වභාවය පවතී. මෙබඳු කාන්තාවන් ප්‍රකට ගණිකාවන් බවට පත්වන බවද අදහසය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.