ව්‍යාපාර දියුණුවන්න නඩුහබ දිනන්න! රාවණා යන්ත්‍රය ඔබත් පලඳින්න

නොවැම්බර් 27, 2020

මෙය පැළඳ ගැනීම තුළින් තමාට වඩා උසස් අය හා රාජ්‍ය පාලකයන්ද ප්‍රභූවරුන්ද තමාට වසඟවීම,නම්‍යශීලිවීම, තම අදහස අනුමත කිරීම, එකඟවීම , තම බස පිළිගැනීම හා ලාභ සත්කාර ලැබීම, රාජ්‍ය සභාවේදී, විවාදයේදී අත් දුටු සත්‍ය යන්ත්‍රයකි.

ෂ ෂ

නම

ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං ඕං

හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං හී‍්‍රං

රං රං රං රං රං රං රං රං රං රං රං රං රං රං රං රං රං

මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං මං

ඕං, හී‍්‍රං, රං, මං

යන්ත්‍රය ඇඳීම

ද්විත්ව රේඛාවෙන් ඇඳ ත්‍රිශූල පිහිටුවා මැද “නම” ලියන්න. ග්‍රාහකයාගේ සුබ නැකතට හා පක්ෂියා රජ කරන වෙලාවක තඹ හෝ රත්තරං තහඩුවක ඇඳීම, පන්හිඳට සුවඳ දුන් අල්ලවා පුන්කලසක් හා සරස්වතී දේවියගේ රූපයක් මේසය මත තබා පහන් දල්වා මරුවට පිටුපා පරමාර්ථය අධිෂ්ඨාන කර ඇදුරුතුමා ආරම්භ කිරීම

ජපාරම්භය සඳහා මඩුවක් හෝ සුදුසු කාමරයක් තෝරා ගෙන සිව් අධිපතීන් සඳහා යහන් සතරක් සාදා උඩුවියන් බැඳ පුන්කලස් හතරක් මැදිකරගත් යන්ත්‍ර ආසනය මල්, බුලත්, පුවක් මල්, කපුරු . පිනිදිය, හඳුන්කූරු ආදියෙන් අඩු නොකොට කැවිලි වර්ග 07, පලතුරු 07, ගිතෙල් 1/2, මී පැණි, උක් හකුරු, හබල පෙති, තම්බාපු කඩල, පස්ගෝරස යහන මත තබා පොල් ගෙඩි 01, තැඹිලි ගෙඩි 01, පොල්තෙල් – අබතෙල් –පස්තෙල් වලින් පහන් 02 බැගින් දල්වා ලදපස්මල් යහන මත ජපභූමිය තුළ විසිරුවා කිලිහරණ සාදා ජපයට ලෑස්ති විය යුතුය.

ජප කාලය තුළ ඇදුරු තෙමේ දිනපතා ස්නානයෙන් පිරිසුදුව ස්ත්‍රී සංවාසයෙන් තොරව, කිලිකුණු ආහාරපාන වර්ග වලින් මිදී සැහැල්ලු එළවළු වර්ග පමණක් යැපීම හා දිනපතා උදය හා හවස යන්ත්‍ර ජප කිරීම කළ යුතුය.

ජප ආරම්භයට සර්ව දිෂ්ටි, සර්ව යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටි දේව දිෂ්ටි ආදි පාදු දිෂ්ටි භාවිත කළ හැකිය. එසේම සරස්වතී. දිව්‍යාංගනාව ප්‍රධාන කර සියලු දේව ස්තෝත්‍ර කච්ච ආචිය ජප කිරිම සුදුසුය.

ජපයට පළමු කස්තුරි , ගෝරෝචන, කුංකුමප්පු, සුදුහඳුන්, යන මේවා හඳුන් තෙලෙන් අඹරා යන්ත්‍රය කළු මැද නව පොට අඹරා කන්‍යා හුයෙන් යන්ත්‍රය වෙළාගත යුතුය.

ජපය – ඕං අච්චිලක්කට්ටි තෝඩා පච්චිලක්කට්ටි තෝඩා අඩා බල තෝඩා බල විෂ්ණු බල, කදිර බල, මා බල, මාගේ ගුරුන් බල, බුද්ධ බල, මුනි බල, මාගේ මූණ බලා නැමි නැමී වර වර ඒ ස්වාහඞ

ඕං හන්තානී සහංතානී භගවතානී ඉරිට්ටි ඒස්වහඞ

ඕං බුද්ධ බල මාබලා, මාගේ මූන බලා නැමි නැමී වර වර ඒස්වහඞ

108 වරක් ජපකර පැලඳගැනීම යහපති

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.