විශ්ව ප්‍රජාවගේ පරිවර්තනයට අති ධාවන ගුරු ශනි යෝගයක්

නොවැම්බර් 20, 2020

දක්ෂිණායනය හේමන්ත ඍතුවෙහි වෘශ්චික රවි 05 භාග ඉල්මහේ පුර සැටවක තිථියලත් කිවිදින මකර රාශිය මකර නවාංශකය උතුරුසල දෙවන පාදය ආශි‍්‍රතව 2020 ක්වූ නොවැම්බර් 20 වෙනි කිවිදින පස්වරු 01.23ට විශ්ව තාරකා මන්දාකිණියෙහි සෙනසුරු හිමි මකර රාශියට සුරගුරු හෙවත් බ්‍රහස්පති නීච ක්ෂේත්‍රවීමෙන් නීචභංග රාජභංග යෝගය බුධ ශුක්‍ර යෝගය ගජකේශරී යෝගය රවි චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ඨිය ශනි චන්ද්‍ර සෙනසුරු උදාරාශි මාරාන්තික ශනි ඒරාෂ්ඨකය යනාදී යෝග බලැතිව සෙනසුරු සමඟ යෝග බලැතිව සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි කුම්භ උදාරාශි මොහොතෙහි බ්‍රහස්පති 02 වැන්න සහ 11 වැන්න ධනස්ථානය මෙන්ම අයස්ථානය මාන්දි ග්‍රහයාගේ පීඩිත බ්‍රහස්පති ද 04 සහ 09 වැන්න වූ සිකුරුගේ බල ප්‍රදේශ බාධක කෙරෙමින් ද උදා රාශිය සේම 12 වැන්න නියෝජනය කෙරෙන සෙනසුරු 22 වෙනි මාරක දෙර්කාණාධිපති ද කුම්භ උදාරාශියෙහි නැප්චූන් වක්‍රව ද සමව ද කුජ මිත්‍රශීලිව නිවෘතව 02 දෙවැන්නා වූ ධනස්ථාන ගතව ද සමව වක්‍ර වූ යුරේනස් 03 වැන්න වූ වික්‍රම ස්ථානගතව ද උච්ච ක්ෂේත්‍ර රාහු 04 වැන්න වූ සිකුරු මිත්‍රශීලිව උදා බුධ සමඟ 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ද උච්ච ක්ෂේත්‍ර කේතු මිත්‍රශීලි රවි 10 වැන්න වූ කර්මස්ථානගතව ද

ප්ලූටෝ නිවෘතව මිත්‍රශීලිව අයස්ථානය වූ 11 වැන්නේ ද චන්ද්‍රයා සමව ද නීච ගුරු නිවෘතව ද සෙනසුරු ස්වක්ෂේත්‍රව නිවෘතව වැය ස්ථානය වූ 12 වැන්නේ ද ශුභාශුභ යෝග රැසක්ම ග්‍රහණය කරවමින් තැම්පත්ව යෙදී ඇත්තේය.

2020 මාර්තු 30 මකර රාශිගත ගුරු ශනි යෝග උදාවේ සිට ජුනි 30 දක්වා ද මාර්තු 22 කුජ ශනි ගිනි කතුරු යෝගය ද විශ්ව තාරකා මන්දාකිණියෙහි විස්මිතව ග්‍රහචලිතය වර්තමානය තෙක් විසිරී පවත්නේය. දෙවන වරටත් නොවැම්බර් 20 සිට අපි‍්‍රයෙල් 2021 දක්වා ද පවතින්නේය. බන්ධනාගාර, ආරෝග්‍යශාලා, අධ්‍යාපනය ක්ෂේත්‍රය, කර්මාන්ත ශාලා, උම්මත්තකාගාර, නාවික, ගුවන්, මහා මාර්ග, යන්ත්‍ර සූත්‍ර, විදුලිය, අභිරහස් කුමන්ත්‍රණ, අධිකරණය ආශි‍්‍රත ආන්දෝලාත්මක පසුබිමක් 1996-1985 යන වර්ෂයන්හි නිර්මාණය වී ගියේය. එසේම 1941-1942 -1861-62-1881-1901 මෙසේ 2020 අතිධාවන ගුරුගේ චලිතය අතිබිහිසුණු බවක් ගනු ලැබුවේ ඓතිහාසික ඡ්‍යොතිර්විද්‍යාවේ න්‍යාය ධර්මතාවයන් හේතුකොට යන්න පැහැදිලිය. ජේසුස් වහන්සේගේ මෙලොව ජන්මලාභය මූලිකකොට ගුරු ශනි සංයෝගය බෙත්ලෙහෙම ඉතිහාසගත සටහන ද සිහිපත් කළ යුත්තෙකි.

01,02,04,05,07,08,09,12 යන භාවයක ගුරු ශනි සංයෝගය යෙදුනොත් ජන්මලාභියා නිර්ධනයෙකු මෙන්ම ආත්ම ගෞරවය කෙළෙසා ගනු ලබන්නෙකු බැව් හෝරා සාරයෙහි දක්වා ඇත. 03,06 ,10,11 යන භාවයක උපතින් මෙසේ ගුරු ශනි සංයෝගය යෙදුණොත් ජන්මියා ප්‍රකටයෙකු කෙරෙයි. රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. මෙකී යෝගය උරුම වෙන්නත් දැඩි දුෂ්කර බාධා අවහිර අතරින් දිවි ගෙවන්නෝද වෙත්. එසේම 03,06,10,11 යන ස්ථානයක යෙදී තිබුණොත් උත්තරීතර මානුෂිකත්වයක් ද පිහිටනු ලබයි. නොවැම්බර් අපි‍්‍රයෙල් අතර සෞරග්‍රහ මණ්ඩලයෙහි රාශි දොළසටම අයත් වූ ප්‍රජා තොමේ මහත්වූ ජීවන පෙරළියකට ගොදුරු වෙනු ලබයි. සෙනසුරු හිමි මකර රාශියෙහි මෙකී යෝග බලය විශ්වය පුරාවටම ජන ජීවිතයන් තීව්‍ර කෙරෙන අභියෝගාත්මක කාල පරාසයකි. බුද්ධිමත්ව දූරදර්ශීව අවබෝධඤාණයෙන් ජන සම්මතවාදී ජනතාව චිරාත් කාලයක් ජීවත් වේවා! චිරං ජයතු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.