දිළිඳුකම ඇති කරන ග්‍රහ යෝග

ඔක්තෝබර් 30, 2020

කේන්දරයක යටකී අශුභ යෝගයක් සමඟ ලග්නයත්, ලග්නාධිපතිත් සඳුත්, ධන භාවයන් දෙකක් වන දෙවැන්න සහ 11 වැන්නත්, එහි අධිපතියනුත් ධන කාරක, සෞභාග්‍ය කාරක, පෙරපින් කාරක ගුරු ග්‍රහයාත්, දුර්වලව පාප පීඩිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා ඉතා දිළිඳු පුද්ගලයෙක් වන්නේය.

ලංකාවවූ කල්හි දකුණු ආසියාවේ පිහිටා ඇති දියුණූු වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටකි. ඒ අනුව දියුණුූ වෙමින් පවතින රටවල්වල ජීවත්වන ජනතාවගෙන් 70% ක්ම දුප්පතුන්ය. එහෙයින් තුන් වෙනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ ඡ්‍යොතිෂ්‍ය කටයුතු කරන ඡ්‍යොතිෂ්‍යවේදීන්ට දිළිදු බව ඇතිකරන ග්‍රහයෝග හෙවත් දරිද්‍රයෝග පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුය.

ඒ අනුව ඡ්‍යොතිෂ්‍යවේදියෙකු ලෙස දශක දෙකහමාරක් පමණ මා මෙරට ජීවත්වන ජනතාවගේ කේන්දර රාශියක් පරීක්ෂා කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ දිළිඳු පුද්ගලයන්ටය. ඡ්‍යොතිෂ්‍ය පත පොතපතෙහි මෙකී දරිද්‍ර යෝග බොහෝමයක් සඳහන්ව ඇත. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

1. ශකට යෝගය

ලග්නයේ සහ හත්වැන්නේ සියලුම ග්‍රහයන් යෙදීමෙන් ශකට යෝගය පැන නගියි. මෙකී යෝගයේ පලවිපාක වශයෙන් සඳහන්ව ඇත්තේ දිළිඳු වේ.රියදුරු රැකියාවක් ජීවනෝපාය වන්නට බොහෝදුරට ඉඩ ඇත. භාර්යාව වශයෙන් අයහපත් කාන්තාවක් ලැබෙන හෙයින් ඔහුගේ ගෘහ ජීවිතය අසතුටුදායකය යන පලවිපාකයන්ය.

2. විහඟ යෝගය

( පක්ෂි යෝගය)

කේන්දරයක සියලුම ග්‍රහයන් හතර වැන්නේ සහ 10 වැන්නේ යෙදීමෙන් විහඟ යෝගය යෙදෙයි. මෙකී යෝගයේ පල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගධාරියා පහත් දෙයට ඇල්මක් ඇති දුසිරිතෙහි යෙදෙමින්, අරමුණක් නොමැතිව ඉබාගාතේ යන්නෙක් බවයි.

3. ගෝල යෝගය

සියලුම ග්‍රහයන් එකම රාශියක සිටීමෙන් ගෝල යෝගය යෙදේ. කේන්දරයක ඉතා කලාතුරකින් දක්නට ලැබෙන යෝග විශේෂයකි. මෑත භාගයේ මෙකී යෝගය යෙදුණේ 1962 පෙබරවාරි මාසයෙ දීය.

4. යුග යෝගය

සියලුම ග්‍රහයන් රාශි දෙකක යෙදීමෙන් යුග ග්‍රහ යෝගය යෙදේ. කලාතුරකින් දකින්ට ලැබෙන යෝග විශේෂයක් වන මෙකී යෝගය අශුභ පැත්තට බරක් ඇති යෝගයකි.

මෙකි යෝගයේ පලවිපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගයෙන් උපන් ජන්මියා ධන හීනයෙක් බවත් වසල සිත් ඇති හොඳ නරක යුතු අයුතු තෝරා ගැනීමට අපොහොසත් අයෙක් බවත් ඒ හේතු කොට ගෙන කරදරවලට පත්වන ජන්මියා තැනින් තැන යමින් දුෂ්කර ජීවිතයක් ගත කරන බවය.

5.ශකට යෝගය

ගුරු ග්‍රහයා කෙරෙන් හය වැන්න, අටවැන්න, 12 වැන්න යන ස්ථානයක සඳු ග්‍රහයා යෙදීමෙන් මෙකී ශකට යෝගය යෙදේ. බොහෝ කේන්දරවල දක්නට ලැබෙන යෝගයක් වන නමුත් මෙකී යෝගයෙන් කියැවෙන අශුභඵල එලෙසින්ම ලැබීමට නම් ලග්නයත්, ලග්නාධිපතිත් සඳුත් පාප පීඩිත විය යුතුය. මෙකි යෝගයේ පල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ, මෙකී යෝගධාරියා ගේ ධනය කලින් කලට ඇතිවීම සහ නැතිවීම සිදු වන බවත්, දරිද්‍රතාවයෙන් අගහිඟකමින් නිතර නිතර පීඩා විඳීමට සිදුවන බවත්, මුරණ්ඩු ඇට්ටර හිතුවක්කාරගති ගුණ හේතු කොට ගෙන මෙකී යෝගධාරියා ස්වකීය ඥාතීන් ගේ ද්වේශයට ලක් වන බවය.

6. කේමධ්‍රැම යෝගය

සඳු සමඟ හෝ සඳු ග්‍රහයාට දෙපස ඇති රාශිවල කිසිදු ග්‍රහයෙක් නොමැති වීමෙන් කේමධ්‍රැම යෝගය යෙදේ. මෙකී යෝගයේ පල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත්තේ මෙකී යෝගයෙන් උපන් ජන්මියා දිළිඳු වන බවත්, අඩුලුහුඬුකම් මැද දුකසේ ජීවත් වන්න සිදුවන බවත්, අනුන්ට ගැතිව බැල මෙහෙවර කරමින් ජීවත් වන්නට සිදුවන, ඔහු ධන සම්පතින් මෙන්ම, කලත්‍ර පුත්‍ර සම්පත් වලින් හීන, අශෝභන ගති සිරිත්වලින් යුත්, උගතුන්ට, සිල්වතුන්ට නැණවතුන්ට අපහාස කරන හොර මැර වංචා සටකපටකම් කරන්නේය යන පලවිපාකයන්ය.

යට කී ලෙස කේන්දරයක කේමධ්‍රැම යෝගය යෙදුනද, මෙකී කේමධ්‍රැම යෝගය භංග වන ග්‍රහ බලයක් කේන්දරයෙහි යෙදී ඇත්නම් මෙකී යෝගයෙන් අශුභ ඵල ලැබෙන්නේ නැත. පහත දැක්වෙන කේමධ්‍රැම යෝගය භංග කරන ග්‍රහ පිහිටීම් කිහිපයකි.

1.චන්ද්‍රයා කෙරෙන් 4,7,10 යන කේන්ද්‍ර ස්ථානවල ග්‍රහයන් සිටීමෙන් කේමධ්‍රැම යෝගය භංග වේ.

2.ලග්න කේන්ද්‍රයේ කේන්ද්‍ර ස්ථාන එකක හෝ වැඩි ගණනක ග්‍රහයන් තැන්පත්ව සිටීමෙන් කේමධ්‍රැම යෝගය භංග වේ (4 වැන්න විශේෂයි)

3.නවාංශක කේන්දරයේ සඳු පතිත නවාංශකය දෙපස ග්‍රහයන් සිටීමෙන් කේමධ්‍රැම යෝගය භංග වෙයි.

4.එසේම චන්ද්‍රයා සිටින නවාංශකය රාශිය, ලග්න කේන්දරයට සම්බන්ධ කළ විට එකී රාශි දෙපස ග්‍රහයන් සිටී නම්, කේමධ්‍රැම යෝගය භංග වේ. උදාහරණයක් වශයෙන් නවාංශකයේ සඳු, සිටින රාශි වේ නම් එය රාශි කේන්දරයට ආදේශ කළ විට එම රාශිය දෙපස ග්‍රහයන් සිටීනම් කේමධ්‍රැම යෝගය භංග වේ.

7. සර්ප යෝගය

සියලුම පාප ග්‍රහයන් 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානවල සිටීමෙන් සර්ප යෝගය පැන නගියි. මෙකී යෝගයෙන් උපන් ජන්මියා දුෂ්ට දුර්ගුණයෙන් යුත් අයෙකි. ඔහුගේ අශුභ ක්‍රියා කලාපය හේතු කොට ගෙන ඔහුට බොහෝ දුක් කරදරවලට මුහුණ පෑමට සිදුවන බව ඡ්‍යොතිෂ්‍ය පත පොතෙහි සඳහන්ව ඇත.

8. පාප අධියෝගය

ලග්නයෙහි හෝ සඳුගෙන් 6,7,8 යන භාවවල රවි, කුජ, ශනි, රාහු . කේතු යන සහජ පාපින් සිටීමෙන් පාප අධියෝගය පැන නගියි. ලග්නයෙන් යෙදෙන පාප අධියෝගයට වඩා චන්ද්‍රයාට කෙරෙහි 6,7,8 යන භාවවල යටකී සහජ පාපීන් සිටීමෙන් බොහෝ අශුභඵල උදා කරන්නේය. මෙකී පාප අධියෝගය ලග්නය සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් එකවර යෙදුණුවිට ලැබෙන අශුභ ඵල වඩාත් තීව්‍ර වන්නේය. ඒ අනුව මෙකී යෝගයෙන් ලැබෙන පල විපාක වන්නේ විඳීමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකිවීම, හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීමට අපොහොසත් නිසා හොර මැරකම්වලට යොමු වීම, ඒ හේතු කොට ගෙන සිරබත් කෑමට සිදුවීම, හොරෙක් මිනීමරුවෙකු ලෙස සමාජයේ ප්‍රසිද්ධ වීම,ආයුෂ කෙටි වීම, මරණය අවි ආයුධයකින් පහර දීමකින්,ගෙල සිරකිරීමකින්, හදිසි අනතුරකින් සිදුවනවාය යන පල විපාකයන්ය. (මෙකී යෝගය මෙරට නම ගිය අපරාධකරුවන් දෙදෙනෙක් වන සූරසරදියෙල් සහ පොඩි විජේ යන අයවලුන්ගේ කෙන්දර සටහන්වල යෙදී තිබීම මෙකී යෝගය අශුභ යෝගයක් බව ඔප්පු කළ හැකි සාධකයක් වන්නේය.

9. කාල සර්ප යෝගය

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.