අත බලා පලාපල කීමේදී වැදගත් වන ග්‍රහ මණ්ඩල

ඔක්තෝබර් 9, 2020

අතක් බලා ඉතා නිවැරදි පලාපල කිව හැකි වන්නේ ශාස්ත්‍රවන්තයාගේ පරිණතභාවය නිසයි. හස්තරේඛා විද්‍යාව ඉතා ගැඹුරුවූත් නිවැරදිවූත් ශාස්ත්‍ර ක්‍රමයකි. මේ නිසා පලාපල කීමේදී සැලකිය යුතු සියුම් කරුණු බොහෝය. 

මේ නිසා පලාපල කීමේදී බැලිය යුතු කරුණු අතර ග්‍රහ මණ්ඩලවලට විශේෂ ස්ථානයන් හිමි වේ. ඒ අනුව මෙවර ලිපියෙන් එම ග්‍රහ මණ්ඩල හඳුනා ගනිමු. එම ග්‍රහ මණ්ඩල මෙසේය. 

 1. බුධ මණ්ඩලය 2. රවි මණ්ඩලය 3. ශනි මණ්ඩලය 4. ගුරු මණ්ඩලය 5. සිකුරු මණ්ඩලය 6. සඳු මණ්ඩලය 7. කුජ මණ්ඩලය යනාදි වශයෙනි. 

මෙහිදී කුජට පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් (2) තිබෙන බව පෙන්වා දී ඇත. තවද රාහු හා කේතුට ද ග්‍රහ මණ්ඩල දෙකක් වෙන් කර දී ඇති අතර, ඒවා කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. අපරදිග රටවල ශාස්ත්‍රවන්තයින් මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනෙන්නට ඇත. හඳුන්වා දුන් ග්‍රහ මණ්ඩල මෙසේය. 

 ඒ බුධ මණ්ඩලය ,ඕ රවි මණ්ඩලය, ඛ් ශනි මණ්ඩලය , ච් ගුරු මණ්ඩලය, ඡ් සඳු මණ්ඩලය, ට් ධ් පළමු කුජ මණ්ඩලය , ට් ධ්ධ් දෙවන කුජ මණ්ඩලය, ඩ් කුජ තලාව, ය. 

ධ් කේතුට අයත් කොටස , බ් රාහුට අයත් කොටසය. මේ ආකාරයට නම් කළ ග්‍රහ මණ්ඩලයන්ගේ තත්වයන් පලාපල කීමේදී ඉතා වැදගත් වේ. 

මෙම ග්‍රහ මණ්ඩලයන් හා ප්‍රධාන රේඛාවන් ඇතුළු සියුම් රේඛාවන්ගේ තත්ත්වයන් අනුව පුදුමාකාර සත්‍ය පලාපල කිව හැකි බව අපගේ පිළිගැනීමයි. හස්ත රේඛා විද්‍යාවේදී කුජට පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් වෙන් කර දී තිබේ. 

ට්ධ් කුජ පළමු මණ්ඩලයත්, ට්ධ්ධ් න් දෙවන කුජ මණඩලයත් ,ඩ් සලකුණින් කුජ කලාවත් වෙන් කොට පෙන්නා දී ඇත .මේ අනුව, මෙම ග්‍රහ මණ්ඩලයන්හි බල දුබලතාවයන් ඒ අයගේ ගතිගුණ, අධ්‍යාපනය ,රැකියාව, ලෙඩරෝග, විදේශ ගමන් හා ආයුෂ වැනි කරුණු කෙරෙහි තදින් බලපාන බව පෙන්වා දී ඇත. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.