ධනය, බලය ප්‍රසිද්ධිය උදා කරන මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය

සැප්තැම්බර් 25, 2020

අමා මෑණි සම්මා සම්බුදුන් වහන්සේ නිර්වාණය සහ නිර්වාණ ගමන් මාර්ගය ඉතා සරලව දේශනා කළ සේක. පැහැදිළිව දේශිත ලෝකෝත්තර ගමන් මඟ එසේ දේශනා කළ අතරතුරම ශ්‍රාවක සතර පිරිසෙහි ලෞකික ජීවන මගෙහි සැළසුම් ක්‍රමවේදය ද බෞද්ධ දර්ශනයට අනුරූපව දේශිත වූ වෙකි.

 ඍෂිවරු මෙන්ම ආදිතම රුසිවරුද පංච භූත විකෘති කර සංකලන පැතිකඩ මර්දනකාරී ලෞකික පාරාදීසය ගුප්ත විද්‍යා , ඡ්‍යොතිර් විද්‍යා පදනමකින් සංඛ්‍යාත්මක සහ සංකේතාත්මක පසුබිමකින් නිර්මාණය කොට මානව වර්ගයා වෙත තිළිණ කළහ. එදා මෙදා තුර දැන උගත්කම් කෙසේ වුවද අවබෝධ ඤාණ සංකල්පනාව බුද්ධිමය ඤාණ ප්‍රභාෂ්වර චිත්ත චෛතසික ආධ්‍යාත්මක බලය මත රඳා පවත්නා සංස්කෘතිකමය විෂය ධාරා පද්ධතියක් ලෙස ඡ්‍යොතිෂය ආශි‍්‍රත ගුප්තවිද්‍යා ආශිර්වාදාත්මක ශාන්ති ප්‍රවේශයක් ලෙසටද යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව ආධුනික අවබෝධයට ඍජුවම මෙසේ ලබා දෙනු ඇත. පංච භූත (පඨවි – ආපෝ – තේජෝ, වායෝ ,ආකාශ) ජීවී අජීවී සකලවිධ පැවැත්ම නොපැවැත්ම කෙරහි බලපානු ඇත. ආදිතම රුසිවරයන් මනාවූ බුද්ධි සංකලනය මත වර්තමාන අනාගත මානවනයාගේ ශුභවාදී පැවැත්මට දායාද කෙරුණ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව විස්මිත වෙන්නෙකි. 

දිෂ්ඨි ප්‍රාණා පළිප්පු පුම සිද්ධීන් සමඟ මෙකී මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය සහ අඳුනට සීහුම් මන්ත්‍රද සමඟ මාතාංග අඳුන –මාතාංග නමස්කාරය මල් පැළඳවීමේ සහ මාතාංග සතනාම ස්තෝත්‍ර මන්තරද සමඟ මාතාංගේෂ්වරී වෙනත් යන්තර ජීවම්ද කොත්මලේ රාමසැර ප්‍රදීපයෙහි ආධුනික දැනුම වර්ධනයෙහි විස්තර සමඟ අඩංගු කොට ඇත. 

සේවතා තර්ක මුලං – සිකී විෂ්ණු ක්‍රාන්තං 

ගෝරෝචනං කුංකුම චන්දනේන 

කර්පපුර මිශ්‍රං 

තිලකං ලලාටේ ත්‍රිලෝක වෛශ්‍යං 

වදනාව තාරං 

එළවරා, පල්මානික්කං, විෂ්ණු ක්‍රාන්ති, කස්තුරි, ගෝරෝචන , බෙලිමුල්, කොකුම් පොතු, සුදුහඳුන්, ලුණුවිල, අමුකපුරු, තලතෙලින් අඹරා අඳුන් සකස් කරගත යුතුවෙයි. මෙකී ඖෂධ ඡ්‍යොතිෂ , ගුප්ත විදයානුකූලව අඹරා ජීව බලය දී තිලක තබා යෑමෙන් තුන්ලොවම වශ්‍යකාරක වෙන්නේය. ඡ්‍යොතිෂ ගුප්ත විද්‍යානුකූලව යන්තරය ප්‍රස්ථාරයෙහි සිට පැළඳ ගැනීම තෙක් වත්පිළිවෙත් කෙරෙහි අවධානය යොමුවිය යුතුවෙයි. රන් රිදි හෝ රන් දියෙහි දැමු තඹ තහඩුව (1ඔ5)  අඟල් 2ය10  විය යුතුවෙයි. අවම වශයෙනි. මෙහි දැක්වෙන ජීවම 1008 වාර ගණනක් හෝ විය යුතුය. (නමට ලග්නයට නැකතට) රජමැතිඳුන් , ප්‍රභූන්, උතුමන් සුවිශේෂී අවධානයට , කරුණාවට, තුරඟ තරඟ ,විභාග සම්මුඛ පරීක්ෂණවලට, උසස්වීම්, වෙළඳ ව්‍යාපාර, කොන්ත්‍රාත් පදනමේ ගොඩනැඟිලි , පාලම්, මාර්ග ඉදි කරළීම් සඳහා විස්මිත හිතකර බවකට තුඩු දෙනු ඇත. 

සභාවෙහි අධිකරණයෙහි, දේශපාලනික ප්‍රතිලාභයනට, සර්වජන ආකර්ෂණයට, රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයට, දේව ප්‍රසාදයට , නිර්නාමික, නාවික, සොරසතුරු මර්දනයට, ජනපි‍්‍රයත්වයට, කලාකාමී සංස්කෘතිකමය ක්ෂේත්‍රයන්හි දියුණුවට ධාරණ ස්මෘතියට සබඳතා, විවාහ මංගල කටයුතු සාර්ථකත්වයට සෙනසුරු මාරක ඒරාෂ්ඨක මහදශා අතුරුදශා අපල උවදුරු දුරුවීමට සර්ප කාෂ නවග්‍රහ අපල අනවින දෝෂ, අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ. කටවහ, හෝවහ දෝෂ, විවාහ, මංගල දෝෂ. ධාරණ ස්මෘති දුර්වලතා ආදි කෝටියක් දෝෂයන් භංග නරමින් සර්ව සෞභාග්‍ය උදාවෙන විජයශ්‍රීය ළඟාවෙන මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය පැළඳීමෙන් තැම්පත් කොට වතාවත් සිද්ධකරළීමෙන් භාග්‍යමත් ජීවිතයක සමාරම්භය පහළ කෙරෙයි. විවිධතම ප්‍රදේශයන්හි ස්ත්‍රී පුරුෂ පූජක කොටස් වර්තමානයෙහි වාණිජ කරණයෙන් දැන්වීම් පුවරුගසා නිලලත් නොලත් හෙට්ටියන්ගේ බලපත්‍ර ඇතත් නැතත් ධර්මද්වීපය පුරාවට, බිලියන මිලියන වාණිජමය කොන්ත්‍රාත් පසුබිමකින් දුරස්ථ ධන බල ගසාකෑම් නොමැතිව මානුෂික මෙහෙයුමකින් කෙරෙන ශිල්පීය ක්‍රමවේද සිද්ධාන්තයනට අනුකූලව ඡ්‍යොතිෂය ගුප්ත විද්‍යාව විය යුත්තෙකි. 

අවශ්‍ය පූජා ද්‍රව්‍යය සපයා ගැනීමේදී ගුප්ත විද්‍යාධර ප්‍රවීණයනට අසීමිත බදු බරකට ද නිරායාශයෙන්ම මුහුණ දීමට සිදුවී ඇත. එමෙන්ම ආරක්ෂාවද, රාජ්‍යය අනුග්‍රහය ද ගුප්ත විද්‍යාධාරි වෛද්‍යවරයාට හෝ යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති සේවාවනට කිසිසේත් නොලැබෙන බැව් සේවාදායක /දායිකාවන් විශේෂයෙන් සිහි තබා ගත යුතුව උපදේශනයකි මෙවැන්න. 

ජපකාරක ඇදුරුතුමාණෝ 

තිසරණ සහිත පඤ්චශීලය රකින සුරා සූදුවෙන් මත් වර්ග ව්‍යාපාර කොන්ත්‍රාත් පදනමෙන් දුරස්ථ සරළ පුරුෂයෙකු විය යුතුවෙයි. මානුෂිකත්වයෙන් ආඨ්‍යවූ ධනය, බලය කරපින්නාගත් හෝ පාරාජික පරාජිත සමාජගත අමන නරුමයෙකු ද නොවී තිරශ්චීන අමානුෂික උන්මත්තක ඔල්මාද කරණය ද නොවූ අවබෝධ ඤාණයක් ඇත්තෙකු ජප ඇදුරකුවීම කක්ෂඵුට විද්‍යානුකූල ආධ්‍යාත්මක ශක්තියක් ග්‍රහණය වී තිබීමද වැදගත් වෙන්නෙකි. එළවළු, කිරි, ගිතෙල්, පලතුරු, කැවිලිවර්ග, අනුභව කරණ මස් , මාළු බිත්තර, කරවල, සුරාව අත්හල පවිත්‍රතම යුගකාලීන පුරුෂයෙකු විය යුතුවෙයි. ස්ත්‍රී සංසර්ගය අපයෝජන දුරාචාර තුළින් ඈත් වූවෙකු ජපකාරක ඇදුරෙකුවීම ප්‍රශස්ත වෙයි. ස්ත්‍රීහු පිසූ කෑම බීම ආදිය ද ස්ත්‍රී ස්පර්ෂ ගැටීම් තුළින් බාහිරවූවෙකු විය යුතුවෙයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.