අතක් බලා නිවැරැදිව පලාපල කියන්නේ මෙහෙමයි

සැප්තැම්බර් 25, 2020

වර්තමාන සමාජය තුළ ද අතක් බලා ජීවන තොරතුරු දැන ගැනීමට ආශා කරන බොහෝ පිරිසක් සිටී. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කිරීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකුගේ යුතුකමකි. එය ඉටු කිරීමට නම් ශාස්ත්‍රවන්තයා පරිණත අයෙකු විය යුතු ය. 

එවැනි අයෙකු මෙහි සඳහන් ක්‍රමයට හස්ත රේඛා පරීක්ෂාවන් කළහොත් ඉතා නිවැරැදිව පලාපල කිව හැකි බව අපගේ දිගු කාලීන පරීක්ෂණයන් තුළින් ඔප්පු වී ඇත. අතක් බලා පලාපල කීමේදී සැළකිය යුතු කරුණු බොහෝ ය. එම කරුණු අතර ප්‍රධාන වන්නේ තමා බලන අත කුමන අත් වර්ගයන් දැයි සොයා ගැනීමය. අත් වර්ග අනුව කෙනෙකුගේ ගතිගුණ, අදහස්, සිතුම් පැතුම් එකිනෙකාට වෙනස් වන බැවින් ඊළඟට බැලිය යුත්තේ ප්‍රධාන රේඛාවන් පිළිබඳවයි. හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව ප්‍රධාන රේඛාවන් වන්නේ ජීවන, ශීර්ෂය, හෘදය, දෛවය, රවි හෙවත් සූර්යය රේඛාව, බුධ හා සුඛ රේඛාවන් යන රේඛාවන්ය. මෙම රේඛාවන්ගේ බල දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ ආයුෂය, නිරෝගීකම ගුණ යහපත්කම, වාසනාව හෝ අවාසනාව වැනි කරුණු පිළිබඳව අවබෝධයක් ලැබිය හැකිය. 

රේඛාවන්ගේ කැඩීම්, බිඳීම්, පළුදුවීම් අනුව ඒ අයගේ හදිසි අනතුරු මාරක හඳුනා ගත හැකි ය. ඊළඟට ග්‍රහ මණ්ඩලයන්ගේ පිහිටීම් කෙරෙහි ද විශේෂ ස්ථානයක් හිමි වේ. ග්‍රහ මණ්ඩල වන්නේ රවි, බුධ, ශනි, සිකුරු, සඳු හා කුජ  යන මණ්ඩලයන් ය. මෙහිදී කුජට පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් හිමි වන බව ශාස්ත්‍රය පෙන්නා දේ. කුජ තලාව වශයෙන් කොටසක් ද වෙන් කර තිබේ. 

රාහු හා කේතුට ද ග්‍රහ මණ්ඩල දෙකක්  වෙන්කර තිබුණ ද වර්තමාන සමාජයේ ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරවන බවක් දක්නට ලැබේ. මෙම ග්‍රහ මණ්ඩලයන්හි බල දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ අධ්‍යාපන මට්ටම, ගතිගුණ, රැකියාවන් හා මානසික ගුණාංග බොහෝ දුරට වෙනස් වන බව පෙනේ. ග්‍රහ මණ්ඩලයන්ගේ බල දුබලතාවයන්ට අනුව ඒ ඒ අයගේ සමාජ මට්ටම වෙනස් වේ. 

මීළඟට බැලිය යුත්තේ අල්ලේ වැටෙන අප්‍රධාන රේඛාවන් ය. අප්‍රධාන රේඛාවන් හැටියට ගණන් ගන්නේ කුජ රේඛාව, පරදන  රේඛාව, සහෝදර හා දරු ඵල රේඛා, සොළමන්ගේ මුද්ද, ගුප්ත කතිරය, සංචාරක රේඛා, ශුච මේඛලාව  හෙවත් ශනි චක්‍රය, විවාහ රේඛා, මණි බද්ධ රේඛා, ශාස්ත්‍රීය රේඛා වැනි රේඛාවන්ගේ  ප්‍රධාන රේඛාවන්ගේ බලය ශක්තිය කෙරෙහි බෙහෙවින් බලපායි. මීළඟට බැලිය යුත්තේ ඇඟිලි වල තත්ත්වය, අත්ලේ පාට, හැඩය, වර්ණය, නියපොතුවල තත්ත්වය පිළිබඳවයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.