ඡ්‍යොතිෂ ශබ්ද කෝෂය

සැප්තැම්බර් 18, 2020

අශ්ව යෝනි – පොරොන්දම් පරීක්ෂාවේදී භාවිත වවන යෝනි නාමයකි. අස්විද නැකත හිමි අයට මෙම යෝනිය යෙදේ. 

අශ්ලේෂ – අස්ලිස නැකත සඳහා යෙදෙන සංස්කෘත නාමයකි. 

අශ්විනි – අස්විද නැකත 

අශ්විනි කුමාර – අස්විද නැකතට හිමි දෙවියාය 

අශුභ කරණ – පංචාංගයට අයත් එකොළොස් කරණ අතුරෙන් අශුභ ඒවා ය. ඒ මෙසේය. විෂ්ටි, ශකුණ, චතුෂ්පාද , නාග,     කිංස්තුංගෂ්ණ 

අශුභ යෝග – ඡ්‍යොතිෂයේ දැක්වෙන සත් විසි යෝග අතුරෙන් අශුභ ඵල දෙනු ලබන යෝගයන් ය. 

එනම්:– ව්‍යාඝාත, පරිඝ,වජ්ර, ව්‍යාතිපාත, වෛධෘති, ගණ්ඩ, අතිගණ්ඩ, ශුල, විෂ්කම්භ 

අශිව – නාඩි අංශකයෙහි 85 වැනි නාඩියයි 

අෂ්ටක දශා – අට අධිපතිගේ දශාව

අෂ්ටක වර්ග – ඡ්‍යොතිෂයේ දැක්වෙන ග්‍රහබලය මනින ඒකකයකි. ලග්නයට අමතරව අංශක බෙදීම් අනුව තවත් ලග්න අටක් (හෝ ඊට වැඩි ගණනක්) දක්වා ඇත. 

ලග්නය, නවාංශකය, චන්ද්‍ර ලග්නය, සූර්ය ලග්නය, දෙර්කාණ ලග්නය, හෝරා ලග්නය මීට අමතරව ආරූඪ ලග්නය, දශානාථ ලග්නය, ත්‍රිංශාංශක ලග්නය, ද්වාදශාංශක ලග්නය, රාශ්‍යාර්ධ ලග්නය ද වේ. 

අෂ්ට කර්ම – යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය ශක්තීන් අටකි. 

(යාම, නියාම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යාභාර, ධාරණ, ධ්‍යාන ,සමාය) 

අෂ්ටම – අටවැනි 

අෂ්ටම ඒරාෂ්ටකය – සෙනසුරු ග්‍රහයා ගෝචර ගමනින් අට වැනි රාශිය හරහා ගමන් කරන කාලයයි. එම කාලය අවුරුදු 2 මාස 6 කි. අසුබ ප්‍රතිඵල ගෙන දේ. 

අෂ්ට මහා දෝෂ – සම්භාව්‍ය ඡ්‍යොතිෂ ග්‍රන්ථවල දැක්වෙන මුහුර්ත ශාස්ත්‍රිය දෝෂ අටකි. 

ඒ මෙසේය. ධූම, ව්‍යාතිපාත, පරිවේෂ, ඉන්ද්‍රචාප, උපකේතු, නිර්ඝාත, පරිඝ, වඥාදණ්ඩ 

අෂ්ටමි – අටවක තිථිය සඳහා භාවිත වන සංස්කෘත නාමයකි 

අෂ්ට වර්ග බින්දු – ග්‍රහයෙකුගේ බලය මැනීම සඳහා එක් එක් ග්‍රහයාට අයත් වන බින්දු ප්‍රමාණයක් වේ. 

අෂ්ට සිද්ධිහ – ලබා ගත හැකි ශක්ති 08 කි. (අනිමා, මහිමා, ලසිමා. ගරිමා, ප්‍රාප්ති. පුනාමය, වශීත්ව, ඊශිත්ව) 

අෂ්ටාංගය – රාශියට අයත් අංශක 30 අටෙන් බෙදා ගැනීම. එක් කොටසක් අංශක 3 කලා 45 කි.

අෂ්ටෝත්තරී – ග්‍රහයන් අට දෙනෙකුට පමණක් අයත් මහ දශා ක්‍රමයකි. කේතු ග්‍රහයාට දශා කාලයක් නාමැත. සම්පූර්ණ මහදශා කාලය අවුරුදු 87 ක් සේ සැලකේ. 

අෂ්ඨාංග – අංග අට 

අෂ්ඨකාල නිමිත්ත – තත්කාල ශාස්ත්‍රයට සම්බන්ධ වගුවකි. 1-8 දක්වා ඇති සංඛ්‍යාවෙන් එකකට ඇඟිල්ල තබා ප්‍රශ්නයට පිළිතුර සෙවීමේ ක්‍රමයකි. ඒ මෙසේය. 

1.අදහස ඉටුවේ. 2.අදහස අසාර්ථකය 3.අසුබය නින්දා ලැබේ. 4.දියුණුව සැලසේ 5.රෝග පීඩා – අමනාප  6. විවාහ අපේක්ෂා යහපත්ය 7.විදේශ ගමන් යෙදේ 8.කරදර යෙදේ 

අස්ත – ඉවත්වීම, පසුබැසීම යන අර්ථයයි. 

අස්ත වීම – රවිගේ රශ්මි මණ්ඩලය තුළට යම් ග්‍රහයෙකුගේ පැමිණීම අස්ත වීමයි. මෙහිදී සිදුවන්නේ රවිගේ දැඩි රශ්මි මණ්ඩලයට පැමිණි ග්‍රහයා ගොදුරුවී දුර්වල වීමයි. රවි අසලින් ම ගමන් කරන බුධ අංශක 6 ක් කිට්ටු වෙද්දිත් අනෙක් ග්‍රහයින් අංශක 8 1/2 ක් තුළත් අස්ත වෙයි. එවිට එම ග්‍රහයාගේන් ලැබෙන ප්‍රතිඵල දුර්වලය. 

සඳු අංශක 12 කුජ අංශක 17 බුධ අංශක 14

ගුරු  අංශක 11 ශුක්‍ර අංශක 10 ශනි අංශක 15

වක්‍ර වූ ගමනේදී 

සඳු - කුජ අංශක 8 බුධ අංශක 12

ගුරු අංශක 11 ශුක්‍ර අංශක 8 ශනි අංශක 16

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.