කැප්රිකෝනස් (Capricornus) හෙවත් මකර තාරකා රාශිය

සැප්තැම්බර් 18, 2020

තාරකා රාශි චක්‍රයේ දහ වැනි තැන ගන්නා මකර තාරකා රාශිය බැටළුවකුගේ රුවක් නිරූපණය කරයි. ලතින් භාෂාව වරනැගීමට අනුව Horned male goat or goat horn යනුවෙන් හැඳින්වෙයි. 

ක්‍රි.ව. දෙවන සියවසේ දී ක්ලෝඩියස් ටොලමි විසින් හඳුනා ගන්නා ලද තාරකා රාශි 48 ට ඇතුළත් වූ මෙම තාරකා රාශිය, නවක තාරකා රාශි 88 ට ද ඇතුළත් වෙයි. 

ඇල්ෆා කැප්රිකෝනි  (α Capricorni) 

ග්‍රෙඩී (Gredi)  යනුවෙන් ද හැඳින්වෙන මෙම තරුව ද්විත්ව තරුවකි. (Binary Star or Double Star)  මෙයින්  α1 තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,100 ක් දුරින්  ද, α2  තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 116 ක් දුරින් ද පිහිටා ඇත. මෙම තරු දෙකම වර්ණාවලි පන්තියට අනුව පිළිවෙළින් G5 සහ  G8  වර්ගයට අයත් වෙයි. 

මෙයින් α1 සුපිරි යෝධ තරුවක්  (Super Giant Star) වන අතර, දෙවන තරුව වන α2  තරුව සාමාන්‍ය යෝධ තරුවක් (Giant Star) වෙයි. මෙහි α1  දීප්ති විශාලත්වය 4.55 ක් වන අතර,  α2 තරුවේ දීප්ති විශාලත්වය  3.77 කි. 

බීටා කැප්රිකෝනි (β Capricorni)  

ඩැබී (Dabih) යනුවෙන්ද හැඳින්වෙන මෙය  වාමන තරුවක් (Dwarf Star)  වන අතර, වර්ණාවලි පන්තියට අනුව F8  වර්ගයට අයත් වෙයි. දෘෂ්‍ය දීප්ති විශාලත්වය සෘණ  1.2 ( - 1.2) කි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 250 ක් දුරින් පිහිටා ඇත. 

ඩෙල්ටා කැප්රිකෝනි (δ Capricorni)

මෙය ඩෙනබ් ඇල්ජිබ් (Deneb) යනුවෙන් හැඳින්වෙයි. වර්ණාවලි පන්තියට අනුව A5  වර්ගයට අයත් වෙයි. ඇල්ගොල් වර්ගයට අයත් වන විචල්‍ය තරුවකි. (Algol Type Bariable Star)  පෘථිවියේ සිට ආලෝක වර්ෂ 50 ක් දුරින් පිහිටා ඇත. 

ඉප්සයිලොන් කැප්රිකෝනි (ε Capricorni) 

දෘෂ්‍ය දීප්ති විශාලත්වය 3 .86 ක් වන අතර, වර්ණාවලි පන්තියට අනුව G4  වර්ගයට අයත් වෙයි. සුපිරි යෝධ තරුවකි. (Super Giant Star)  පෘථිවියේ සිට ආලෝක වර්ෂ 470 ක් දුරින් පිහිටා ඇත. නිරපේක්ෂ දීප්ති විශාලත්වය සෘණ 

2.2 ( - 2.2) කි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.