අතේ වියත් වලින් කියන විවාහයේ ගැලපීම්

සැප්තැම්බර් 4, 2020

අපේ දේශීය සාම්ප්‍රදායික විවාහයට පෙර සූදානම් වීමේදී සමහර පුද්ගලයින් සතුව කේන්ද්‍රයක් නොමැති නම් දෙදෙනාගේම  ගැලපීම් පහසුවෙන් දැන ගත හැකි ඉතාම පැරණි රහස්‍ය ක්‍රමවේදයක් පත් ඉරුවක මෙසේ සඳහන් වී තිබේ. 

මෙහිදී සිය වයස් සීමාව කොටස් පහකට වෙන්කර ඇත. 

දෙදෙදෙනාම සම වයස්වීම 

අවු 10 දක්වා අතර පරතරය වීම,

අවු 11+15 අතර පරතරය වීම 

අවු 10+20 අතර පරතරය වීම 

අවු 20+21 අතර පරතරය වීම 

නිදසුනක් නම් පුරුෂයාට 40 වසරක් වේ නම් ස්ත්‍රිය 30 ක් වීම පරතරය වසර 10 කි. 

මේ දෙදෙනාගේම ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ රියන මැනීමෙන් ලත් පලය අනුව ගණන් ගැනීමට හැකිවේ. 

සම වයස – ස්ත්‍රියකගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ වැලමිට හන්දියේ කෙළවර සිට මැදගිල්ලේ අගට මැනගන්න මිනුම් පරිමාව හරියටම දෙවියත නම් විවාහය අති සාර්ථක වේ. අඩුනම් සාර්ථකත්වය අඩු විය හැක. 

වසර 10 පරතරය 

මේ වර්ගයට අයත් ස්ත්‍රියකගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ වැලමිට සිට වෙදගිල්ල අගට මැනීමේදී මිනුම් පරිමාව වියත් දෙක වුවහොත් ස්ත්‍රිය අකාලයේ රෝගී වේ. ප්‍රමාණය අඩුනම් දෙදෙනාම මනාව ගැලපේ. වැඩි වුවහොත් අයහපත්ය. 

වයස 11 ත් 15 අතරවීම 

ස්ත්‍රියගේ වම් වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ සිට සුළඟිල්ල කෙළවරට මැනීමේදී ලැබුණ ප්‍රමාණය දෙවියත (වියත් දෙක) නම් ආදරයෙන් කල් ගෙවයි. ප්‍රමාණය වැඩිනම් පුරුෂයාට අයහපත් වේ. දරුඵල හීනයි .

වයස 16+20 අතර වීම ස්ත්‍රියකගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ සිට දබරඟිල්ල අගට මැනීමේදි මැනුම් පරිමාව සම වියත් දෙක නම් දෙදෙනාගේ යුග දිවිය රසවත් වේ. අඩුනම් පරස්පර විරෝධි වනු ඇත. 

වයස 21+ 25 අතර වීම 

ස්ත්‍රියගේ වම් අතේ වියතෙන් පුරුෂයාගේ දකුණු අතේ වැලමිට හන්දියේ සිට මහපටැඟිල්ල අග දක්වා මැන ලැබූ ගණන වියත් දෙක නම් සැප සම්පත් යස ඉසුරු භාග්‍යමත් වේ. වැඩි නම් අන්‍ය සබඳතා ගොඩ නැඟේ. අඩුනම් දරුවන්ට අපලයි. 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු 

විද්‍යාවේදී දේශබන්ධු 

ටී.හෙන්රි බෙම්මුල්ල

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.