දෙතොල් පළල් කත කේලම් කියනු ඇත

සැප්තැම්බර් 4, 2020

පුද්ගලයෙකුගේ ශරීරයෙහි සංවේදී අවයවයන් අතර දෙතොල් ද වැදගත් වෙයි. එහෙත් එහි පිහිටීම වැදගත් වන්නේ ජනක තත්වය අනුවය. වර්තමානයේ නම් කාන්තාවන්ගේ දෙතොල්වල වර්ණය අනුව යම් යම් නිගමනයන් ගත නොහැක්කේ සෑම කතක්ම වාගේ තොල් රතු පැහැ ගන්වා ගෙන සිටින බැවිනි. 

ඒ කෙසේ වුවද තොල්වල ස්වභාවය නම් ඉන් වෙනස් කළ නොහැක. දෙතොල් වටා රේඛාවක් පැහැදිලිව (යන්තමින්) පෙනේ නම් එවන් කතුන්ට පී‍්‍රතිමත් ජීවිතයක් හිමිය. ඉහළ තලයේ අයගෙන් ගරු ප්‍රශංසා ලැබෙයි. දුකක් නැත. 

දෙතොල් සිනිදු කාන්තාවන් ඉතා විනීතය. ලජ්ජාවෙන් යුතුය. සිනිඳු පමණක් නොව ඒ හැම දෙතොල් සිහින් නම් (පුළුල් නොවේ නම්) රත් පැහැයෙන් යුතුනම් ඔවුන්ගේ මනස පවිත්‍රය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය එවන් සිත් තුළ නැත. එහෙන්ම මෙවන් කාන්තාවන් නිර්භීතය. ඕනෑම කාර්යයකදී එඩිතරව පෙරට යන ගතියක් ඇත. තොල් දෙක සෑම විටම පාහේ විවෘත වූ ස්වභාව යක් සමහර කතුන්ගේ මුවෙහි දක්නට ඇත. ඉන් කියවෙනුයේ බියගුලුකමයි. බෙලහීනත්වයයි. තොල් කළු පැහැ ඇතිනම් එවන් කාන්තාවන්ට නියතයෙන්ම ස්වාමියා අහිමි වෙයි. ඒ කණවැන්දඹුවන්ය. එපමණක් නොව සමහර කාන්තාවන්ගේ විවාහ ජීවිතය කඩාකප්පල් වීම පිළිබඳවද උඩු තොලෙහි ලකුණූු දැක්වෙයි. ඒ මේ ලක්ෂණ අනුවයි. නහය මැද සිට උඩු තොලේ මැද ඇති සිහින් රේඛාව වඩාත් ගැඹුරින් පුළුල්ව පිහිටා ඇතිනම් විවාහය අසාර්ථකය. පීඩාකාරිය විවාහය අසාර්ථක වනවා පමණක් නොව තම අසල්වාසින්, ඥාතීන් පවා ඇය අවතක්සේරුවට භාජනය කෙරෙනු ඇත. සැකෙවින් කිවහොත් මෙවැනි කතුන්ට සමාජයේ තැනක් නැත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.