ලෝකෝපකාරය

අගෝස්තු 28, 2020

නුවණැති මැදහතුන් - නොපත් සම මැදට පත් වූ දනෝ 

අඳුරු ගෙය තුළ වැද - අන්තැබු වඩු සොයනුයෝ වෙත් 

නැණවත් මධ්‍යස්ථයන් නොමැති සබාවට පැමිණි මිනිසුන් අඳුරු ගෙයකට වැදී අන්‍යයන් තබන ලද බඩු සොයන්නාක් වැනි ය. 

නුවණ ඇත්තාවුන් මධ්‍යමයින් සබාවකට රැස්ව සිටින වේලාවකදී කිසිම ගුණයක් නොදත් ඇත්තන් වසා ඇති අඳුරු නිවසකට වැදී තමන් තැබුවා වූ බඩු සොයන්නේ කිසිම වැඩකට නොමැතිව කිසිම වැදගත්කමක් නොදත් අයගේ අත්‍යවශ්‍ය කටයුතු කෙරෙහි හඳුන්වා දීමකි. 

අමයුරු වෑන් හැර - තද කුරිරු බස් දෙන දුදනයෝ 

පිලීකුන් පල දමා නිරස පල බුදින්න්න් අයුරුවෙත් 

යහපත් වචන අත්හැර තද කුරිරු බස් දෙන දුර්ජනයෝ මිහිරි ඉදුණු ගෙඩි අත්හැර රසවත් නැති ගෙඩි අනුභව කරන්නාක් මෙනි. 

අමයුරු - අමෘතය වචන හැර රළු කෲර වචන කියන්නාවූ දුදනෝ හෙවත් දුර්ජනයෝ ද හරියට (විලිකුන්පල දමා) ඉදුන පල රස ඇති ගෙඩි වර්ග අතහැර දමා කිසිම රසයක් නොමැති පල හෙවත් ගෙඩි අනුභව කරන්නේද එලෙසිනි. නිදසුනකි. 

“සුරා බොන දනහට - කොතෙක් කීවත් සුබස නාසත් 

මදැතුට සන් කළත් - තමා යන අතකටම යනමෙන්” 

සුරා පානය කරන්නාට කොතෙක් කියා සුරාව නැවතීමට උපදෙස් දුන්නාට නොඅසති. නොපිළිගනිති. මත් වූ ඇතාට කොතෙක් සංඥාවෙන් හා ගුණයෙන් කීවත් තමා යන අතට හිතුවක්කාර ලෙස ගමන් කරයි. තම අදහස් අත් නොහරී. 

(උගේ ගතිය ඌ නාරිත් මැරුවත්) ජන වහරකි. 

සුරා සොර බී - නො හඟවා සබා මැද උනත් ගොස් 

මුව විවර කළ තොමෝ - කතා කරව් සතට අඟවා 

අප්‍රසිද්ධියේ මත්පැන් පානය කොට සබා මැදට ගිය අය කට ඇරී වහාම (සුරාව) තමාම පානය කතා කරමින් සුරා පානය කළ බව අන්‍යයන්ට හඟවයි. 

සොර හොර රහසේ සුරාව බී හැඟීමක් නොකරුණාව යැයි සිතා ගනී. නමුත් පිරිසක් සිටි තැනට ගොස් තමා බීමෙන් උදම් වී තමාට කතා කරමින් එහි අගය දක්වයි. වැරැදීමක් හෝ වැරදි වචනයක් පිට වුවහොත් ලැජ්ජාවක් ගුටි බැටත්, නින්දාවත් ළඟම පවතින බව නොදනී. 

පර පණ නසා පණ රකිනා පවිටු දුදන අවියත් 

ලොව්නා වැනි දිවින් - කරෙහි මුව අත වක වකාමී 

අනුන් පණ නසා තම පණ රකින දුර්ජන මෝඩ අය දැළි පිහි මුවාතෙහි  මි තවරා දිවෙන් ලෙවකමින් ජීවත් වීමක් වැනි ය. 

පරපණ - අන්‍යයන්ගේ ප්‍රාණය නසා තමාගේ ප්‍රාණය රැක ගන්නා දුර්ජන මෝඩ තැනැත්තන් දැලි පිහියේ මුවාත අගින් දී කිරි කන්නා සේ ජීවිත ගෙවයි. කොයි මොහොතේ වැඩ වරදීදැයි නොදනී. 

සිරුර උසුලා නෙකතැන - ඇවිද පරපණ නසන ලෙස 

උතුරු කුරු දිවයින - යකුත් නර වාහන කළා මෙන් 

සිරුර උසුලාගෙන නොයෙක් තැන්වල ඇවිදිමින් සතුන් නසන ආකාරය උතුරු කුරු දිවයිනෙහි යකුන් වාහනය වශයෙන් යොදා ගන්නා මෙනි. 

සිරුර - ශරීරය බර බව නොදෙන උසුලාගෙන තැන් තැන්වල ඇවිදිමින් අනුන්ගේ පණ නසන්න. උතුරුකුරු දිවයිනෙහි ඇති නොපෙනෙන යක්ෂයන් කරවාහනය කළාමෙන් මිනිස් වාහනයට යොදා ගන්නා වැනිලු. 

‘සුරා සොර බිබි - පරලොවෙහි විඳින නොමඳ දුක් 

තිබැඳි මෙලාවම - විඳින දුක් පෙර නිමිති පානෙව්’ 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

තත්කාලය ප්‍රශ්න විනිශ්චය 

තත්කාල නිමිත්තේ ප්‍රධාන අංගයක් වන්නේ ප්‍රශ්න නිමිත්තයි. මෙය හදාගන්නා ආකාරය පිළිබඳ කෙටි විමසීමක් කරමු. 

ඔබ තත්කාලය විමසුම් කරලා ළඟ පැමිණ ඔබ කියන වචනයේ අකුර හෝ අකුරු කීපයක් මුල්කරගෙන ඔහු ගණිතයක් සාදාගනී. ඒ ගණිතය අනුව තත්කාල ප්‍රශ්නය විසඳයි. 

තවත් පහසු ක්‍රමයක් වේ. තත්කාල කේන්ද්‍රයක් ඒ වේලාවට සාදා එහි ග්‍රහයින් පිහිටුවා ඒ අනුව පලාපල කීම එහි ලග්න නිමිත්ත වේ. ඒ වේලාවට උදා වූ තත්කාල හෝරාව පංචම හෝරාව හා සූක්ෂම හෝරාව අනුව පල නිමිති කියයි. බලවත් ග්‍රහයකුගේ හෝරාවක් සූක්ෂම හෝරාවක් යෙදුණු කල බලාපොරොත්තු ඉටුවේ ජය ලබයි ආදි වශයෙන් මෙහිදී මෙම කරුණු ද එක්කර ගනී. 

ලග්නාධිපති හෝරාව අධිපති යම් ප්‍රශ්නයකදී 6,8,12 අධිපතියන්ගේ බලය හොඳින් සොයාගෙන ඒ ලැබෙන හෝඩුවා තුළින් සොයාගත හැකිය. 

තත්කාල කේන්ද්‍රයක පළමුවන භාවය උදා ලග්නය ලෙස ගන්න. උදා ලග්නය සිංහ ලග්නය යැයි උදාහරණයක් ලෙස සිතමු. එහි අධිපති රවි තත්කාලයේ අට වැන්න ගතවීම අශුභ ඵල ගෙන දෙයි. කරුණු ඉටු නොවේ. 

රවි ශුභයකු දුටුවිට කල්ගොස් හෝ නැතිවූ බඩුව හමුවේ. කිවි ග්‍රහයා ( සිකුරු) ලග්නාධිපති වී හත්වැන්න වන මීනයේ තත්කාල කේන්ද්‍රයේ කන්‍යාවෙන් යෙදුණ කළ සහකාරිය ගැන විමසයි නම් ඇය ලස්සන යහපත් ස්ත්‍රියක් ලෙස දන්වයි. මෙම සිකුරුම පාපීන්ට යටත්ව සිටී නම් එහි විරුද්ධ පැත්ත එනම් අවලස්සන මුහුණක් හා ශරීරයක් ඇති, බඩ මහත, ඇස් වපර, අපිරිසුදු ස්ත්‍රියක් බව තේරුම්ගත යුතුයි. 

රැකියාවක් පිළිබඳ විමසනවා නම් දහවැන්න මේෂය වී රවි, බුධ සමඟ යෙදී තිබේ නම් නුවණැති කෙනෙකුට හෝ තැනැත්තියකට රජයේ උසස් රැකියා ලැබේ. පාපීන් දුටුවොත් රැකියා අහිමි වේ. මෙසේ තත්කාලයෙන් කිවහැකි දේ බොහෝය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ලේඛක ගොඩගම 

ජයසේන ජයසිංහ 

 

කීර්තිය, ධනය, දිගාසිරි ගෙනදෙන යෝග 

ලග්නාධිපති සුබයන් සමඟ සුබ දෘෂ්ටියෙන් පරමෝචභාගයේ කේන්ද්‍ර ත්‍රිකෝණ ගතවේද දහ වැන්නාධිපතියා සමඟ ස්වකීය රාශියේ ද සිටියදී උපන්නේ භාග්‍යය, කීර්තිය, ධනය සමඟ දීර්ඝායු ලබන යෝගයකි. 

ලග්නාධිපති ඉතා බලවත් වූවේ ද පාපීන් විසින් නොදකීද  කේන්ද්‍රස්ථානයෙහි සිටි සුබයින් විසින් දක්නා ලද්දේ ද එසේ උපන්නා හට අකල් මරණ දුරැර  දිගාසිටියද, ගුණ දහම් ද සිරියද ලබන යෝග වේ. 

පරමායුෂ යෝග 

සතර කේන්ද්‍රයේ ද, ත්‍රිකෝණ සහ අට වැන්නේ ද 01, 04, 05, 07, 08, 09, 10 පාපීන්  නොසිටියේ ද ලග්නාධිපති හෝ ගුරු කේන්ද්‍රගතව සිටියදී උපන්නේ පින් කරනු සැප ලබන දිගාසිරි ලබන්නෙකි. ලග්නාධිපතියා සහ අටවැන්න අධිපතියා අධික බලයෙන් යුතුව කේන්ද්‍රයේ සහ හය වැන්නේ, අට වැන්නේ සිටියදී උපන්නාහට පරමායුෂ ලැබේ. 

බුධ, ශුක්‍ර, ශනි ලග්නයේ හෝ 09 වැන්නේ ඒකාශගතව සිටියදී චන්ද්‍රයා හය වැන්නේ හෝ අට වැන්නේ සිටියදී උපන්නාහට පරමායුෂ ලැබේ. 

කිසිම ග්‍රහයකුට ශුභ නොවන අට වැන්න මරණස්ථානයයි. මොනයම් ආකාරයක වුව අටේ සිටින ග්‍රහයින් විශේෂයෙන් ස්ත්‍රීන්ට ගෙනදෙනු ලබන්නේ, අරිටු විපාකයැයි, එහෙයින් වනිතා කේන්ද්‍රයේ සියලුම කල්හිම ශුභ, අශුභ තත්ත්වයන්ගෙන් තොරව අටවැන්නේ තිබිය යුතුයි. 08 වැන්නේ ගුරු හෝ ශුක්‍ර සිටි කල්හි ස්ත්‍රියක් උපත ලදහොත් ඕ නශ්ට වූ ගර්භ ඇත්තී ද, මළ දරුවන් ඇත්තීද වන්නීය. කුජ 08 වැන්නේ සිටි කල්හි පරපුරුෂ ගාමී වන්නේ ය. 

සඳු අට වැන්නේ සිටි විට - ස්වාමි සැප නොලබන්නීය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෑගොව්වේ 

ආතර් පියතිලක 

රාජසිංහපුරය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.