ජන්ම පත්‍රයේ බලවත්වී ඇති ග්‍රහයන් අනුව තෝරා ගත යුතු ව්‍යාපාර

අගෝස්තු 21, 2020

අලුතින් නිෂ්පාදන කර්මාන්ත සහ වාණිජ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යවසායකයන් බොහෝවිට අසන ප්‍රශ්නයකි කුමන ආකාරයේ ව්‍යාපාරයක් තෝරාගත යුතුද? යන්න. මෙය සැබවින්ම ගැටලුවකි. නියමිත ශක්‍යතා අධ්‍යයනයක් කර ලාභදායක ව්‍යාපාරයක් තෝරා ගත්තත් ඒවා බොහෝ විට අසාර්ථක වන අවස්ථා ඇත. 

ඡ්‍යොතිෂයට අනුව මීට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි. විශේෂයෙන් තෝරාගත් ව්‍යාපාරය ජන්මියාගේ උපන් නැකතට හෝ ලග්නයට ගැලපෙන ව්‍යාපාරයක් විය යුතු අතර, ජන්ම පත්‍රයේ වඩාත් බලවත් වී ඇති ග්‍රහයන් හඳුනාගෙන ඊට ගැලපෙන ලෙස එම ව්‍යාපාරය තෝරාගත යුතුවේ. මේ නිසා පළමුවෙන්ම ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු ලවා ජන්ම පත්‍රය පරික්ෂා කර ගෙන ඔබට ව්‍යාපාරය ආරම්භ කිරීමට සුදුසු ග්‍රහයෝග ජන්ම පත්‍රය තුළ ඇත්දැයි හඳුනාගන්න. මේ සඳහා ඡ්‍යොතිෂමය වශයෙන් අෂ්ඨක වර්ග සටහනක් තුළින් ජන්ම පත්‍රයේ අදාළ ග්‍රහයන් හට ලකුණු ලබාදී වැඩිම ලකුණු හිමිවන ග්‍රහයන් හඳුනා ගත යුතුවේ. සමහරවිට කෘෂිකර්මාන්තය සෑම අයෙකුටම කළ හැකි වුවත් වාණිජ හෝ කර්මාන්ත ව්‍යාපාර සෑම අයෙකුටම කළ නොහැකි අතර, ඒ සඳහා ව්‍යවසායකත්ව හැකියාවන් ඔබ තුළ තිබිය යුතුය. එවැනි හැකියාවන් ජන්ම පත්‍ර පරික්ෂාවක් තුළින් හඳුනාගත යුතුවේ. නොඑසේ නම් එය වැඩිකල් පවත්වාගෙන යාමට නොහැකි වන අතර, එසේත් නැත්නම් නිතරම පාහේ ගැටලු ඇති වී විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. 

රවි ග්‍රහයා 

රජයට සම්බන්ධ විවිධ ව්‍යාපාර, ආනයන සහ අපනයන ව්‍යාපාර , රන් ආභරණ, බලශක්ති ජනන ව්‍යාපෘති, ඇඟලුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත, ආහාර සහ ධාන්‍ය නිෂ්පාදන ව්‍යාපෘති 

සඳු ග්‍රහයා 

කිරි ආශි‍්‍රත නිෂ්පාදන, උණුසුම් සහ සිසිල් බීම වර්ග, පානීය ජලය, රිදී ආභරණ, සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපෘති, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික ව්‍යාපාර, පැළ තවාන්, ප්‍රවාහන කටයුතු, රෙදි පිළි ව්‍යාපෘති, ලණු ආශි‍්‍රත නිෂ්පාදන , මෝස්තර නිර්මාණය , චිත්‍ර ලේඛන කලාව, අධ්‍යාපනයට සම්බන්ධ ව්‍යාපාර, වෛද්‍ය විද්‍යාත්මක නිෂ්පාදන 

කුජ ග්‍රහයා 

යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, රන් ආභරණ, රසායනික කර්මාන්ත, පොහොර නිෂ්පාදනය, පළිබෝධ සහ කෘමිනාශක, ආරක්ෂක සේවා සහ උපකරණ .පුද්ගලික ආරෝග්‍යශාලා, රුධිර සහ අනෙකුත් දෑ පරික්ෂණ සේවාවන්, රථ වාහන සේවා මධ්‍යස්ථාන සහ අමතර කොටස් නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ, පතල් කැණීම් සහ ඛනිජ ආශි‍්‍රත කර්මාන්ත 

බුධ ග්‍රහයා 

සියලුම ආකාරයේ උපදේශණ සේවාවන්, අධ්‍යාපනයට අදාළ සේවාවන් සහ නිෂ්පාදන මාධ්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිෂ්පාදනය, ප්‍රචාරණ සේවාවන්, ප්‍රවාහනය, පොත් පත් නිෂ්පාදනය සහ අලෙවිය එළවළු සහ පලතුරු, කොටස් වෙළෙඳපළ, මූල්‍ය සහ නීතියට සම්බන්ධ ව්‍යාපෘති, ජංගම දුරකථන අලෙවිය සහ අලුත්වැඩියාවන් සන්නිවේදන ආයතන සහ කඩදාසි ආශි‍්‍රත කර්මාන්ත 

ගුරු ග්‍රහයා 

ආගමික සහ සංස්කෘතික කටයුතු වලට සම්බන්ධ ව්‍යාපෘති, හෝටල්, රෙස්ටුරන්ට්, ආහාර නිෂ්පාදන ව්‍යාපෘති , අධ්‍යාපනයට සම්බන්ධ ව්‍යාපෘති, කිරි ආශි‍්‍රත කර්මාන්ත, බැංකු සහ ගිණුම් කටයුතු මෙන්ම මුද්‍රණ කර්මාන්ත 

සිකුරු ග්‍රහයා 

සුඛෝපභෝගී කාණ්ඩයට අයත් සියලුම නිෂ්පාදන , චිත්‍රපට ,රංගන ශිල්පය, ටෙලිනාට්‍ය ප්‍රාසාංගික කලාවට අයත් සියලුම ව්‍යාපාර, ඖෂධ නිෂ්පාදන ව්‍යාපාර, හෝටල්, රෙස්ට් හවුස් ගෙස්ට් හවුස්, රෙස්ටුරන්ට්, සංගීතය , නැටුම් විවාහ මංගල සේවා, මෝස්තර සහ විලාසිතා නිර්මාණ, රූපලාවන්‍ය , සංදර්ශන සේවාවන්, ආභරණ සහ විසිතුරු නිෂ්පාදන, ඇඟලුම් නිෂ්පාදන සහ සුවඳ විලවුන් නිෂ්පාදනය 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.