රාජ යෝග

අගෝස්තු 21, 2020

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. මැතිවරණයෙන් ජය ලැබූ අය ද, පරාජය වූවෝ ද වෙති. දේශපාලන නායකත්වය ලැබීමට නම් එයට බලය දෙන ග්‍රහයෝග ජන්ම පත්‍රයේ පිහිටා තිබිය යුතු ය. බොහෝ විට මේවා ඡ්‍යොතිෂයේ හඳුන්වා ඇත්තේ රාජ යෝග යනුවෙනි. 

මෙබදු රාජයෝග හිමි සියලුම දෙනා දේශපාලන නායකත්වයටම පත් නොවුණත් තමා සිටින ක්ෂේත්‍රයට අදාළව, සමූහයකට අධිපති වන්නට හැකියාව ඇති අය වෙයි. 

1 සටහන

මෙහි දැක්වෙන්නේ කාල් මාක්ස්ගේ කේන්ද්‍රයයි. මෙම කේන්ද්‍රයේ ලග්නාධිපති ලග්නයේම ය. ලග්නාධිපති ලග්නයේ බලවත්ව සිටින්නේ 12 වැන්නාධිපතියාද  වෙමිනි. 2 වැන්නාධිපති ගුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව 11 වැන්නේ සිටී. ඒ අනුව 2 වැන්නාධිපති මෙන්ම 11 වැන්නාධිපතිද බලවත් ය. 3 වැන්නාධිපති 4 වැන්නාධිපති හා 7 වැන්නාධිපති ද බලවත් ය. 8 වැන්නාධිපති කේන්ද්‍රස්ථානගතව ඇත. 5 වැන්නාධිපති ද කේන්ද්‍රස්ථානගතය. 9 වැන්නාධිපති උච්චය. රවි උච්ච බලයෙන් වික්‍රමස්ථානගතව ඇති අතර 6 වැන්නාධිපති නීච භංගයකට ලක්ව ඇත. 

2 සටහන

තුලා ලග්න හිමි මෙම කේන්ද්‍රය හය වන ජෝර්ජ් රජතුමාගේය. මෙහි ශනි ලග්නයේ උච්චවද, ගුරු 10 වැන්නේ උච්චවද යෙදී ඇති අතර ලග්නාධිපති ලග්නගතව ඇත. එමෙන්ම භාග්‍යස්ථානාධිපති හා කර්මස්ථානාධිපතිද යෝග වී ඇත. ජාතක පරිජාතයේ දැක්වෙන අංශාවතාර නම් රාජයෝගය ද මෙහි පැහැදිලිවම දක්නට ඇත. අංශාවතාර යෝගය යනු ලග්නය චර රාශියක් වී ගුරු හා සිකුරු උච්චව කේන්ද්‍රස්ථානවල පිහිටා ශනි ද කේන්ද්‍රස්ථානයක පිහිටීමෙන් ඇතිවන යෝගයයි. 

3 සටහන

මෙම කේන්ද්‍රයේ ඉන්දියාවේ අගමැතිවරයෙකු වූ ගුල්සරිලාල්නන්ද මහතාගේ ය. සඳු විසින් පූර්ණ දෘෂ්ටියෙන් රවි දකිනු ලබන ක, බුධගේ පූර්ණ දෘෂ්ටිය සඳුට ලැබේ නම් ජන්මියා පාලකයෙකු වන බව මානසාගරියේ දැක්වේ. එම පිහිටීම මෙම කේන්ද්‍රයේ තිබෙන අතර, ඊට අමතරව ලග්නාධිපතියා ලග්නයේ යෙදීමද, සඳුගෙන් 10 වැන්නේ ගුරු පිහිටීම ද, චන්ද්‍ර ලග්නයේ 9 හා 10 අධිපතීන් එම චන්ද්‍ර ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක පිහිටීමද, රුචක යෝගය හා කාහල යෝගයද එතුමාට උසස් ස්ථානයක් ගෙන දීමට හේතු වී ඇත. 

4 සටහන

මෙහි දැක්වෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කේන්ද්‍රයයි. මෙහි ගුරු, සිකුරරු දෙදෙනාම බලවත්ව ලග්නය දකී. එය ඉතා කලාතුරකින් යෙදෙන පිහිටීමකි. සඳුගෙන් කේන්ද්‍රගතව සිටින බලවත් ගුරුගෙන් ගජකේශරී යෝගයද, හංස යෝගය හා මාලවී යෝගයද මෙම ජන්ම පත්‍රයේ ඇත. 11 වැන්නේ කුජගෙන් නීච භංග රාජයෝගයක්ද උදා වී ඇත. නීච කුජ රවිගෙන් කේන්ද්‍රස්ථානගතව සිටින අතර සඳුද කේන්ද්‍රස්ථානගතව සිටී. 

දේශපාලන නායකත්වය ලැබීමට හේතුවන ග්‍රහයෝග රාශියක් තිබෙන අතර ජන්ම පත්‍ර සියුම් ලෙස විමර්ශනය කිරීමෙන් ඒවා හඳුනාගත යුතු ය. විශේෂයෙන් පංච මහා පුරුෂ යෝග, විපරිත රාජ යෝග මෙන්ම ජන්මියෙකු ප්‍රබල දේශපාලන බලයක් ඇති අයෙකු බවට පත් කරන තවත් ග්‍ර හයෝග කීපයක් පහත දක්වමි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.