ජන්ම කේන්ද්‍රයෙන් හෙළිවන දේපල අයිතිය

අගෝස්තු 14, 2020

ඡ්‍යොතිෂ විද්‍යාව අනුව බන්ධුස්ථානය ගෘහස්ථානය මාතෘස්ථානය සුබස්ථානය ආදී නම්වලින් හඳුන්වන කේන්ද්‍රයේ සිව්වැනි භාවයෙන් මේ පිළිබඳව දැනගත හැකි ය. එනම් දෙමාපියන්ගෙන් ලැබෙන දේපල යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් නිශ්චල දේපල නිධන් වැනි දේ මව සහ මවගේ නෑදෑයන් සම්බන්ධ විස්තර සාමාන්‍ය ඉගෙනීම ස්ථිර වාසස්ථාන ජීවිතයේ අන්තිම කාලය ආදී කරුණු සිව්වැන්නෙන් බැලිය හැක.

මෙලොව ජන්ම ලාභය ලබන සෑම මනුෂ්‍යයකුටම ගේ දොර ඉඩකඩම් යාන වාහන යන දේපල වස්තූන් ලැබීමට වාසනාව තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු එම තැනැත්තාගේ ජන්ම කේන්ද්‍රයේ සඳහන් වී ඇත. 

යම් කෙනෙකුට ඉහත දේපල ලැබෙන්නට නම් එම තැනැත්තා පෙර භවයේ දී කුසල් රැස්කර ගත් තැනැත්තකු විය යුතු ය. එම කුසල්වල බලපෑම හේතුවෙන් මෙම භවයේ දී දේපල වස්තු ලැබීමේ වාසනාව හිමි වේ. 

ඡ්‍යොතිෂ විද්‍යාව අනුව බන්ධුස්ථානය ගෘහස්ථානය මාතෘස්ථානය සුබස්ථානය ආදී නම්වලින් හඳුන්වන කේන්ද්‍රයේ සිව්වැනි භාවයෙන් මේ පිළිබඳව දැනගත හැකි ය. එනම් දෙමාපියන්ගෙන් ලැබෙන දේපල යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් නිශ්චල දේපල නිධන් වැනි දේ මව සහ මවගේ නෑදෑයන් සම්බන්ධ විස්තර සාමාන්‍ය ඉගෙනීම ස්ථිර වාසස්ථාන ජීවිතයේ අන්තිම කාලය ආදී කරුණු සිව්වැන්නෙන් බැලිය හැක. 

මෙම කරුණු කෙනෙකුගේ ජීවිතයේ කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න සිව්වැන්නේ සිටින ග්‍රහයන් සහ සිව්වැන්න අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සිදුවන බව ඡ්‍යොතිෂයේ පෙන්වා දී ඇත. ඒ නිසා ප්‍රථමයෙන් සිව්වැන්නේ සිටින ග්‍රහයන් අනුව දෙනු ලබන ඵල විපාක පිළිබඳව විමසා බලමු. 

රවි සිව්වැන්නේ සිටි කල 

රවි හතර වැන්නේ සිටීම එතරම් ශුභ නැත හතර වැන්න පොළොවේ යම් පැත්තක වේ. එහි රවි දුර්වල වේ. මවුපිය නෑදෑ විරෝධය ඇතිවේ. නරකට හිටියොත් ජීවිතයේ අග කොටසේ ගේ දොර ඉඩකඩම් වියවුල් ඇතිවේ. ශරීර සැපය අඩුවේ. 

පවු කරන්නන් සමඟ ඇසුරට පත්වේ. රවි ස්වක්ෂේත්‍රව නීචව සිටියහොත් මේ ගති අඩු වී යහපත් තත්ත්වයක් ඇතිවේ. ඒ අනුව පියාගෙන් නිවසක් ඉඩමක් ලැබේ. 

චන්ද්‍රයා සිව්වැන්නේ සිටි කල 

චන්ද්‍රයාට සිව්වැන්න නියම ස්ථානයයි. උපතේ දී සිව්වැන්නේ චන්ද්‍රයා සිටින අයට ආ ගිය තැන්වලදී යහපත් වාසස්ථාන ලැබේ. මහලු වයස සැපෙන් ප්‍රසිද්ධියෙන් යුක්තව ගෙවේ. මවගේ පාර්ශ්වයෙන් දේපල ලැබේ. ගමන් බිමන් යාමට වාහන ලැබේ. ගිය ගිය තැන සැප ලැබේ. බලවත් චන්ද්‍රයා මේ දේවල් දෙන අතර දුර්වල චන්ද්‍රයා පපුවේ සෙම් රෝග සාදයි. 

කුජ සිව්වැන්නේ සිටි කල

කුජ සිව්වැන්නේ සිටි කල තම නෑදෑයන් විරුද්ධ වෙයි. දෙමාපියන්ගේ දේපල නාස්ති වෙයි. තමාට ලැබුණත් නැති කරගනී  නැත්නම් වියවුල් ඇති වේ. තද මුරණ්ඩු සිත වේ. ජීවිතයේ පසු කාලය කරදර සහිත වේ. කුජ හොඳින් බලවත්ව සිටියහොත් ඉඩකඩම් ගෙවල් ආදී දේපල ලැබේ. 

බුධ සිව්වැන්නේ සිටි කල

බුධ සිව්වැන්නේ ශුභ දෘෂ්ටි ලබා හෝ ශුභ ග්‍රහයකු සමඟ යහපතට සිටියහොත් යාන වාහන ඉඩ කඩම් ගෙවල් දොරවල් ලැබේ. නරකට සිටියහොත් රැකියා සහ ස්ථාන මාරුවීම් ආදිය ඇතිවේ. 

ගුරු සිව්වැන්නේ සිටිකල

සිව්වැන්න ගුරුට යහපත් ස්ථානයක් වේ. උපතේ දී ගුරු සිව්වැන්නේ සිටි අයට ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබේ. දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගෙන් ගේ දොර ඉඩම් ලැබේ. ගමේ ස්ථිර වාසය වේ. ජීවිතයේ අග කොටස සැපෙන් ගෙවේ. 

සිකුරු සිව්වැන්නේ සිටි කල 

සිව්වැන්න සිකුරුට දිග්බල ස්ථානයයි. ඒ නිසා සියලු දේ දෙනු ලබයි. යහපත් ලක්ෂණ භාර්යාව ඉතා හොඳ ගේ දොර යාන වාහන ඉඩම් ගේ දොර බඩු භාණ්ඩ නෑදෑ සැලකිලි ස්ථිර වාසස්ථාන ලැබේ. 

ශනි සිව්වැන්නේ සිටි කල

චර රාශියක් වී සිව්වැන්නේ ශනි සිටි කල ස්ථිර වාසස්ථාන නැති කරයි. තැනින් තැන ජීවත්වීමට සිදුවේ. නෑදෑයන් නිසා වස්තුව වියදම් කරයි. පසු කාලය දුකින් ගෙවීමට සිදුවේ. දේපල ඉඩකඩම් නැතිවේ. ශරීරය කෙට්ටු කරයි. බලවත්ව ශුභව සිටියහොත් නෑදෑයන්ට වඩා බලවත්ව දුක සැප සමසේ විඳිමින් ජීවත් වේ. 

රාහු සිව්වැන්නේ සිටි කල

රාහුගේ දසාවේ දී හෝ ජීවිතයේ අග කොටසේ දී ගේ දොර ඉඩ කඩම් නැති කරයි. පදිංචි ස්ථානයෙන් හෝ ගමෙන් පිටකරයි. නෑදෑයන්ගෙන් වෙන් කරයි. ජීවිතයේ අග කොටස සැපවත් නොවේ. ආයුෂ අඩු කරන යෝග යෙදේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.