ජන්ම පතෙහි සැඟවුණු ඔබේ රැකියා ක්ෂේත්‍රය

ජුනි 12, 2020

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත, වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත” යන සුභාෂිත පද පෙළෙහි දැක්වෙන පරිදි, අප මෙලොව එළිය දකින විට මොනයම් හෝ කුසලතාවයක් කරපින්නාගෙන එයි.

එය කෙබඳු එකක් දැයි දැනගත හැකිවනුයේ පරිණත දෛවඥයෙකුට පමණි. සාගරය බඳු මහා දැනුම් සම්භාරයකින් සමන්විත ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ජන්මියාගේ කුඩා අවදියේ දී පටන් ඒ පැනයට පිළිතුරු සැපයීමට හැකියාව පවතී.

පෙරකාලයේ පියාගෙන් පුතාට උරුමව, ආ රැකියාව හෙවත් ඔහුගේ ‘ජීවනෝපාය’ අදවන විට වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම කුලය හෙවත් ‘වර්ණය’ පදනම්ව සැකසී තිබුණු සමාජ සංස්ථාවට අනුව, කෙනෙකුගේ ජීවනෝපාය ප්‍රධාන කුල හතරකට බෙදී පැවතුණි. ඒ බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනාකාරයෙනි. ස්වකැමැත්තට තම රැකියාව තීරණය කිරීම වෙනුවට තමා උපන් කුලය අනුව පරපුරෙන් උරුම රැකියාවක යෙදීමට සිදුවිය. නවීන යුගයේ සමාජ සංස්ථාව ඉතා සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇති තත්ත්වයක මිනිසුන් ගේ අවශ්‍යතා ද විවිධත්වයක් ගෙන තිබේ. එහෙයින් ඒවා ඉටුකර ගැනීමට යාමෙන් සේවාදායකයා හා සේවා සපයන්නන් යන දෙකොටසෙහි පරාසය පුළුල්ව විවිධත්වයකින් යුතු වෘත්තීය මට්ටම් බිහිවී ඇත.

කාලානුරූපව සිදුවන සමාජ පරිවර්ථන හමුවේ මානවයාගේ සියලු ආකල්පවල පවා වෙනස්වීම් දක්නට ලැබේ. ඒ අනුව අද තම පියා හෝ පරපුරෙන් උරුම රැකියාව කිරීමට දරුවන් නොපෙළඹේ. උදාහරණයකට කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් ගොවි පවුලක් හෝ පරපුරක පැවැත්ම නතර කොට ඔවුනගේ දරුවන්, තම අධ්‍යාපනය හෝ රුචිකත්වය මත පදනම්ව වෙනස්ම ජීවනෝපාය මාර්ගයක් තෝරාගැනීමට පෙළඹේ.

එසේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද ඉහත විපරිනාමයට හසු වූ විෂයක් බැවින්, අදවන විට සමාජය හමුවේ පවත්නා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී වඩාත් උචිත අයුරින් භාවිතා කිරීමට නූතන ඡ්‍යොතිෂඥයින් වන අප පරිණත විය යුතු ය. කාලය, දේශය හා පුද්ගලයා යන තෙවැදෑරුම් ගුරු උපදේශයක් මත මේ ශාස්ත්‍රය භාවිතා කළ යුතුබව දැක්වේ. එසේ නොවන කල මෙය සමාජය විසින් බැහැර කරන ලද මළ විෂයක් බවට පත්වීම නිතැතින්ම සිදුවේ.එබැවින් එදා කේන්ද්‍රයක් දෙස බලා දෛවඥයෙකු තම සේවාදායකයාගේ ප්‍රශ්නවලට ලෙහෙසියෙන් පිළිතුරු දීමට පිළිවන් විය. අද එය විෂය පිළිබඳ නිපුණයෙකුට හැර වෙන කෙනෙකුට කළ නොහැක්කකි. එදා පහසුවෙන් රැකියාව කිව හැකි වුවද අද කිව හැක්කේ යම් කිසි ක්ෂේත්‍රයක් පිළිබඳව අදහසක් ය.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ කෙනෙකුගේ උගත්කම, තරාතිරම, රුචිකත්වය හා කුෂලතාවය මත ඔහුට හිමි රැකියාව නිවැරැදිව කල්තියාම තෝරාදෙන්නේ කෙසේද? යන්නට අදාළ කරුණු කාරණා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නෙමි. ඒ සඳහා අදාළවන භාවයන්, රාශීන් හා ග්‍රහයින් පිළිබඳවත් අවබෝධයක් ලබා ගනිමු.

මෙහිදී මේ සියලු පැනයන් ජන්මියා මුල්කර පැන නැගෙන ඒවා හෙයින් ‘ලග්නය’ මූලික කොට ඒ හා සබැඳි භාවයන් පිරික්සිය යුතු ය. පෙර සඳහන් කළ “උපතින් කරපින්නාගෙන එන” යන අදහසට සම්බන්ධ වන වැදගත් භාවයක් ලෙස, දහවැන්න හෙවත් ‘කර්මස්ථානය’ දැක්විය හැකි ය. තෙවනුව, ධනස්ථානයත්, සිව්වැනිව පස්වැන්නත් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. ඇත්තෙන්ම මේ සඳහා අදාළ තවත් භාවයන් ඇතත් ඉහත ඒවා, ඉහත දැක් වූ ඒවා පෝෂණය කරන හෙවත් ඒවායේ පැවැත්මට සහයෝගය දක්වන භාවයන් ලෙස පෙන්වා දිය හැකි ය. එසේම මේ ප්‍රධාන භාවයන් පිළිබඳ සුළු වශයෙන් පහත දක්වමි.

ලග්නය - වර්ණය, රූපය, උත්පත්ති බල දුබලකම ලග්නයෙන් පරීක්ෂා කළ යුතු බව දැක්වේ. ඒ අනුව ජන්මියෙකුගේ රූප ස්වභාවය, ශාරීරික ශක්තිය හා බුද්ධිමත් බව, පින්පව් මත උරුම වූ පවුල හා සමාජ තත්ත්වය හා පෞර්ෂත්වය කෙරෙහි පළමු භාවය වැදගත්කමක් උසුලයි. මෙහි ‘වර්ණය’ යන්නෙන් ‘තමාට උපතින් උරුම කුලය’ නොව වෙනත් යමක් හඟවා ඇති බව තේරුම් ගත යුතු ය. ‘කෙනකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන’ බවට කී බුදු වදන, සෘෂි මතයට සමගාමී වේ. ඒ ලග්නයෙන් පෙන්වන වර්ණය, කුමන කුලයක උපන්නත් ඔහුගේ හෝ ඇයගේ නැණ ගුණ හා හැසිරීම අනුව සමාජයට පිළිබිඹුවන්නක් වන බවයි.

කර්මස්ථානය - හෙවත් දහවැන්න, රැකියාව පිළිබඳ පරීක්ෂා කළ යුතු ප්‍රධාන භාවය ලෙස ඡ්‍යොතිෂ පිළිබඳ යන්තමින් වත් අවබෝධයක් ඇති අය දන්නා කරුණකි. මේ භාවය ජන්මියෙකුගේ ‘සමාජ ජීවිතය’ ගැන අදහස් ඉඟි ඵල කරන භාවයකි. උපතින් රැගෙන ආ ‘කර්ම ශක්තිය’ අනුව කෙනෙකු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.