ඔබත් නොදැන ඔබ සමඟ එන ඡ්‍යොතිෂ සම්භාවිතාවය

මාර්තු 6, 2020

මිනිසාගේ ඉපදීමත් සමඟ මරණයද ඔහු රැගෙන එන්නේ ය. මරණයෙන් මිදෙන්නට මිනිසාටද නොහැකි ය. මිනිස් සතාද ඉපදීමත් සමඟ මරණය රැගෙන එන්නේ ය.

මානවයාගේ උපතත් මරණයත් අතර සිදුවන කටයුතුවලදී ඡ්‍යොතිෂ සම්භාවිතාවයේ අඩුවක් නැත. යුවතිපති දෙදෙනාගේ එක්කාසු වීම විවාහය ලෙස සැලකේ. ඒ සඳහා පොරොන්දම් පරීක්ෂාව සිදු කෙරේ. පොරොන්දම් පරීක්ෂාවේ දී යුවතිපති දෙදෙනාගේ මානසික ගැලපීම, කායික ගැලපීම ආයුෂ, දරුඵල වාසනාව යනාදිය සොයා බැලේ.

මානවයෙකුට ගැළපෙන මානවිකාවක් සොයා ගැනීම ඡ්‍යොතිෂය මඟින් සිදුකෙරේ. විවාහයෙන් බැට කෑ අපේ පරණ ඇත්තෝ තම දූ පුතුන් විවාහ කිරීමේ දී පොරොන්දම් බලති. පොරොන්දම් නොගලපා හිතුමතයට කරගත් විවාහවලින් හිමිවූ අමිහිරි වේදනාවන් තමන්ගේ දරුවනට උරුම කර දීමට ඔවුහු අකැමැති වේ. විවාහයෙන් බැට කෑ අපේ වැඩිහිටියෝ තම දුවගේ පුතාගේ කේන්දරය ශුභ ග්‍රහයන් සහිත වූයේ නම් එබඳුම කේන්දරයක් සොයා තම පුතාගේ දුවගේ විවාහය සිදු කරති. තම දුවගේ පුතාගේ කේන්දරය පාපී කේන්දරයක් එයට සීහෙන පාපී කේන්දරයක්ම තෝරාගෙන එම දෙපලගේ විවාහය සිදු කරති.

“අපි කේන්දර බැලුවේ නෑ. අපි දෙදෙනාගේ විවාහය සාර්ථකයි. අපි දෙදෙනා කේන්දර බැලුවා. කේන්දර දෙක ගැලපෙනවා කියලා නැකත් මහත්තයා කිව්වා. ඒ අනුව අපි විවාහ වුණා. විවාහ වුනදා ඉඳන් අනේක විධ කරදරවලට අපි මුහුණ පෑවා.” මෙබඳු කියමන් සමාජයේ සිටින ඔබට අසන්නට දකින්නට ලැබී ඇතිවාට සැක නැත. මෙමගින් ද්වනිත වන්නේ ඡ්‍යොතිෂයේ සම්භාවිතාවයට මිනිසා දැන හෝ නොදැන කොටුව ඇති බවයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.