ග්‍රහ පූජා, බහිරව පූජා වෙනස

මාර්තු 6, 2020

කිසියම්ම ප්‍රතිකර්මයක් කිරීමට හෝ කරවා ගැනීමට පෙර ඒ ගැන පුංචියට හෝ දැනීමක් වටහාගැනීමක් තිබුණොත් නේද වටින්නේ. පුංචි කාලේ අපට කුමන හෝ රෝගයක් හැදුනාම අපේ ආත්තම්මා හෝ අම්මා ගොඩබෙහෙත් ටිකක් හෝ කෙම් ගුරුකමක් කරල බලනව ඉස්සෙල්ලා.

දරුවගේ ඇඟ රතු පැහැ ගැනුණොත් එහෙම නැත්නම් මුත්‍රා යනකොට රන් පැහැ ගැනුණොත් රත කල්කය දෙනවා හරියට හරි. පුංචි බබාගේ ඇසේ නගනයක් ඇවිල්ල මුහුණ ඉදිමුණොත් උදේ පාන්දර කතානොකර බබාගේ මුත්‍රා ටිකක් ඒ නගනයේ ගානව. කතා නොකරන , කිව්වේ එතන තමයි කෙම් ගුරුකම් තියෙන්නේ. හරියට හරි. දැන් වගේ එකපාරටම දොස්තර මහත්තයා ළඟට උස්සාගෙන ගියේ නැහැ. මුදල් ටිකක් තිබෙන කෙනා. කඩමංඩියේ දොස්තර මහත්මයා ළඟට ගිහින් බෙහෙත් ගන්නවා. ලෙඩුන් හිටියොත් දොස්තර මහත්මයා එනකං බලා සිටිනවා. මුදල් ගොඩක් ඇති කෙනා ගෙදර ඉඳලා දුරකතනයෙන් පනිවුඩයක් පුද්ගලික රෝහලට දීලා ගියාම ලෙඩා එනකං දොස්තර මහත්තයා බලා සිටිනවා. ඕක තමයි ප්‍රධාන වෙනස, බෙහෙත් කෙසේ වෙතත්, හදාගන්න බැරි තරමට ම පරදේශකාරයෝ අපව වෙනස් කළා. ලෙහෙසි ක්‍රමයට හුරු කළා. කවුද අකැමැති නේද? සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඉංගී‍්‍රසි වෙදකම විරුද්ධයි. නමුත් ඉංගී‍්‍රසි බෙහෙත් පෙති කරල් සිංහල ඖෂධ සංයෝගයක් බව කාටත් අමතකයි. අපිට වැරදුනේ කොතැනද කියල අපිම දන්නෙ නැහැ. දන්නෙ නැත්නම් හදාගන්නත් අමාරුයි. ඔය ග්‍රහ පූජා, නවග්‍රහ පූජා, බහිරව පූජාව, අෂ්ඨ බහිරව පූජාවන්ද ඒ වගේමයි. කිසිදු දැනීමකින් තොරවයි කරන්නේ. මේ සියලුම පූජාවන් පංච මහා භූතයන්ගෙන් එක් ගණයකට වැටෙනවා.

එකල මේ භූතයෝ ගැන ඒ විදියට හඳුනාදුන්නේ නියමාකාරයෙන් අර්ථකථනය කළා නම් එකල මනුෂ්‍යයාට වටහාගන්න අමාරුකම නිසා. ගස්, ගල්, ගින්දරවලට වැඳුම් පිදුම් කළ කාලයක් තිබූ බව අමතක කරන්න හොඳ නැහැ. කලින් සඳහන් කළ පුජා හතරක් උනාට මූලිකව පැතිකඩ දෙකයි. ග්‍රහ පූජා සහ නවග්‍රහ පූජා එක් වර්ගයක්. බහිරව හා අෂ්ඨ බහිරව පූජා තවත් වර්ගයකි. ක්‍රමය ටිකක් වෙනස් පින් දීම එකයි. ග්‍රහ පූජා නවග්‍රහ පූජා පංච මහා භූතයන්ගෙන් ආකාශ භූත මුල්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.