බෙලහීනතාව ඇති කරන විශේෂිත ග්‍රහපිහිටීම්

මැයි 24, 2019

විවාහක අඹු සැමි යුවලකට තම ලිංගික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට බාධාකාරී වන මනෝවිද්‍යාත්මක හා ශාරීරික ගැටලු ලිංගික බෙලහීනතාවයට අයත් වේ.

මෙම ගැටලුව හෝ රෝගාබාධය වඩාත් කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවයෙනි. ඕනෑම වයස් මට්ටමක පිරිමි මෙම ආබාධයට ලක් වීමේ අවදානමක් පවතී. කාන්තාවන්ගේ ලිංගික බෙලහීනතාවයන් හඳුනාගැනීමට තරමක් අපහසුය. පිරීමින් අතර පවතිත පොදු සෞඛ්‍යය ගැටලුවක් ලෙස ලිංගික බෙලහීනතාවය හැඳින්වේ. ලිංගික බෙලහීනතාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවේ ආරෝග්‍යාශාලාවලට පැමිණෙන රෝගීන්ගෙන් 99% ක්ම පාහේ පිරිමි අය වේ. එසේම මෙම ආබාධය සඳහා ප්‍රතිකාර ලබා ගැනිමට ඉදිරිපත් නොවන සංඛ්‍යාව 35% ඉක්මවයි. මෙම රෝගීන් බොහෝ විට රහසිගත ක්‍රමවලින් ප්‍රතිකාර ලබා ගැනිමට පෙළඹෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. අනෙක් රෝගාබාධ වලට මෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඉදිරිපත් නොවන්නේ ලැජ්ජාවට පත් වීම, තම තත්වයට කැලලක් වීම, සමච්චලයට ලක් විම, වැනි ආකල්ප යටතේ ඇතිවන බිය නිසාය.

පිරිමින්ගේ ලිංගික බෙලහීනතා ආබාධය පහත දැක්වෙන අයුරින් කොටස් කිහිපයකට බෙදිය හැකිය.

ලිංගය ප්‍රමාණවත් ලෙස ප්‍රාණවත් නොවීම (ඥපඥජබඪතඥ ඤරඵටභදජබඪධද) ක්ෂණික මෝචනය (ර්‍ථපඥථචබභපඥ ඥණචජභතචබඪධද) ලිංගික සංතෘප්තියක් ඇති නොවීම - අවසේඹිත මෝචනය (ධ්දඩඪඡඪබඥඤ ඥණචජභතචබඪධද)

ලිංගික කටයුතු සඳහා කැමැත්තක් නොදැක්වීම හෝ අඩු වීම (පඥඤභජඥඤ ඪදබඥපඥඵබ ඪද ඵඥය)

ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපාන හේතු ශාරීරික හා මනෝවිද්‍යාත්මක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ශාරීරික හේතුන් පහත දැක්වේ.

පුරුෂ ටෙස්ටෙස්ටරෝන් පහළ මට්ටමක පැවතීම අධික රුධිර පීඩනයට සහ විෂාදනාශක සඳහා ලබා දෙන බෙහෙත් වර්ග භාවිතය රුධිරවාහිනී නාළවල ඇති ආබාධ සහ රුධිර පීඩනය, රුධිර නාලිකා සිහින් වීමේ රෝගය

දියවැඩියාව

දුම්පානය මත් පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම

ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපාන මනෝවිද්‍යාත්මක හේතූන් පහත දැක්වේ.

රැකියාව හා සම්බන්ධ මානසික ආතතිය හා කාංසාව ආදර ම්බන්ධතා ගැටලු විෂාදය සහ වරදකාරීත්ව හැඟීම් අතීත ලිංගික සබඳතා පිළිබඳව සිතෙහි ඇතිවන කම්පනය (බපචභථච)

ද්විධ්‍රැව මනෝභාවයන්

ක්ෂණික මෝචනයට හේතු වශයෙන් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ

ආතතිය තාවකාලික විෂාදය අතීත ලිංගික අවරෝධනය බිරිඳ සමග පවතින නොවිසඳුණු ප්‍රශ්න

ලිංගික ප්‍රාණවත් බව අඩු වීමට හේතු ලෙස දක්වා ඇත්තේ රුධිර සංසරණය පිළිබඳ ගැටලු/ආබාධ නහරගත ආබාධ ආතතිය හා සම්බන්ධ ගැටලු ලිංගය තුවාල වීම රුධිර පීඩනය, දියවැඩියාව වැනි නිධන්ගත රෝග මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හා ශාරීරික ව්‍යායාම් අඩු වීම

ලිංගික බෙලහීනතාවය තහවුරු කර ගැනීමේ පර්යේෂණ පහත දැක්වේ.

ටෙස්ටෙස්ටරෝන් මට්ටම හඳුනා ගැනීමේ රුධිර පර්යේෂණ සහ රුධිර සීනි සහ ටෙස්ටෙස්ටරෝන් හඳුනාගැනීමේ රුධිර පර්යේෂණ

රුධිර පීඩනය මැනීම පුරුෂ ග්‍රන්ථි පරික්ෂාව පුරුෂ ලිංග රීක්ෂාව ලිංගික බෙලහීනතාවයට පිලියම් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ආයුර්වේදයේද විවිධ ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ. විශේෂයෙන් බෙහෙත් වර්ග ලබා දීම, හෝර්මෝන චිකිත්සාව, බහුලව භාවිතා වේ.

මීට අමතරව මනෝ වෛද්‍යවරුන් විසින් විවිධ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි. මෙම ප්‍රතිකාර යටතේ මානසික උපදේශනයට ප්‍රධාන තැනක් හිමි වේ. චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීමේ භාවනා ක්‍රම ද මෙහිදී ප්‍රබල ලෙස භාවිතා වේ. එසේම මත් පැන් මත් ද්‍රව්‍ය මෙන්ම දුම්පානයෙන් වැළකි සිටීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළයුතුව ඇත. මෙවැනි අසනීපයක් තමාට තිබෙන බව දැනගත් විට කළයුතු වඩාත් යෝග්‍ය දෙය වන්නේ හැකි ඉක්මණින් ළඟම ඇති ආරෝග්‍යශාලාවට ගොස් වෛද්‍යවරයෙකු හමුවීමයි.

එසේම මෙම දුබලතා තම බිරිද හා අනෙක් හිතෛෂි වැඩිහිටියන් සමඟ සාකච්ඡා කිරීම ද වඩාත් උචිත කාර්්‍යයක් වේ. කෙසේ වෙතත් මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ලිංගික බෙලහීනතාවය කෙරෙහි බලපාන ඡන්ම පත්‍රයේ විවිධ ග්‍රහ පිහිටීම් පිළිබඳව පාඨකයන් හට ප්‍රමාණවත් අවබෝධයක් ලබා දීමයි. එම කරුණු ඉදිරියේදී විස්තර වේ.

ලිංගික බෙලහීනතාවය ඇතිකරවන ග්‍රහ බලපෑම් :

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී සහ මමෝවිද්‍යා උපදේශක

ටී. එම්. කුලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.