ආරූඩය හෙවත් පාදය

මැයි 17, 2019

ජෛමිනි ඉසිවරයා විසින් විස්තර සහිත වැ පැහැදිලි කැර ඇති පිළිවෙලක් හැටියට මේ ආරූඩය හෙවත් පාද ක්‍රමය ද ඉන්දියානු දෝ සතර පොත්වල සඳහන් වැ ඇත. ඇතැම් තැනෙක මෙය ආරූඩ නමින් ද ඇතැම් තැනෙක පාද නමින් ද සඳහන් වැ ඇතත් මේ නම් දෙකෙන් මැ සැඳහෙන්නේ එක මැ දෙයකි. ඒ පිළිවෙල අනු වැ ජන්ම කේන්දරයක රාසි දොළහට අදාල වන ආරූඩ හෙවත් පාද දොළහක් ඇත්තේ යැ.

1.ලග්නයේ ආරූඩය හැඳින්වෙන්නේ ආරූඩ ලග්නය හෙවත් ලග්න පාදය යන නමිනි. ඒ අනු වැ

2.දෙ වැන්නේ පාදය ධන පාදය යි

3.තුන් වැන්නේ පාදය වික්‍රම පාදය යි

4.සිව් වැන්නේ පාදය සුඛ පාදය යි

5.පස් වැන්නේ පාදය පුත්‍ර පාදය යි

6 හය වැන්නේ පාදය රෝග පාදය යි

7.හත් වැන්නේ පාදය දාර පාදයයි

8.අට වැන්නේ පාදය මරණ පාදයයි

9 නව වැන්නේ පාදය ධර්ම පාදයයි

10 දස වැන්නේ පාදය කර්ම පාදයයි

11. එකොළොස් වැන්නේ පාදය ලාබ පාදයයි

12.දොළොස් වැන්නේ පාදය වැය පාදය යි

මේ ආරූඩ හෙවත් පාද හඳුනා ගන්නේ මෙ සේ යි. ලග්නාදිපතියා සිටින රාසිය ලග්නයේ සිට රාසි කීයක් ඉදිරියෙන් දැ යි බලන්නැ. ලග්නාදිපතියා සිටින තැන සිට එ පමණක මැ රාසි ගණනක් ඉදිරියට ගැණ ගත් කල, එය ලග්න පාදය යි.අනෙක් රාසිවල ද අදිපතියා එම රාසියේ සිට රාසි කීයක් ඉදිරියට ගොස් ඇද්දැ යි බලා ඒ ගහයා සිටින තැන සිට එ පමණ මැ රාසි ගණනක් ඉදිරියට ගැණ ගත් කල, ඒ ඒ රාසියේ පාදය හඳුනා ගත හැකි යි.

ඒත් මේ සාමාන්‍ය රීතියට විකල්ප තුනක් ද පවතී. එ මෙ සේ යි.

1.කිසියම් ගහයකු අදිපති රාසියේ මැ සිටී නම්, එ තැන් සිට ඉදිරියට රාසි දහයක් ගැණ ගත යුතු යි.

2.කිසියම් ගහයකු ගේ පාදය එ තැන් සිට හත් වැන්නට වැටේ නම් . ඒ ගහයා සිටින රාසියේ සිට හතර වැනි රාසිය පාද රාසිය හැටියට සැලැකිය යුතු යි.

කිසියම් ග්‍රහයකු ගේ පාද රාසිය සිව් වැන්නට වැටේ නම්. ඒ ගහයා සිටින රාසිය මැ පාදය හැටියට සැලැකිය යුතු යි.

මේ රීතිවලට එකඟ වැ ජන්ම කේන්දරයක පාද රාසි සකසා ගනිමු

එසේ ගත් විට මෙහි

1.ලග්න පාදය 4 වැනි රාසියයි. රෝම අංකවලින් යොදා ඇත.

හේමසිරි කුමාරණතුංග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.