දෝ සතර29 ; මල්වර විස්තරය

පෙබරවාරි 22, 2019

මල්වරය යනු කුසුම් සමය යන අරුත ඇති වදනකි. ගසෙක, වැලෙක වුව ද මල් හටගන්නේ පලදැරීමට ආසන්න කාලයේ යැ. දරුවකු පිළිසිඳෙන්නේ කාන්තාවක ගේ කුසේ යැ. ගැහැනු ළමයකු දරුවකු පිළිසිඳ ගැනීමට සුදුසු තත්වයට පත්වීම මල්වරවීම යනුවෙන් අපේ පැරැණියන් හඳුන්වා ඇත්තේ ඒ නිසා යැ.

ගැහැනු ළමයකු ගේ මවක් තම දුව මල්වරයට පත්වන දිනය ඊට දින කීපයකට වත් කලින් දැනගැනීමට රිසියක් දක්වයි. ඇතැම් මව්වරුන් තම දුව ගේ කේන්දරය ඉදිරිපත් කැර ඒ ගැන විමසන අවස්ථා ද ඇත. දෝ සතරින් ඒ ගැන පැහැදිලි කරන්නට ද හැකියාව ඇත.

ජන්ම කේන්දරයක රාසි දොළොස උපචය ස්ථාන අනුපචය ස්ථාන යන කොටස් දෙකට බෙදා පෙන්වා ඇත. 3,6,10,11 උපචය ස්ථාන වෙයි. 1,2,4,5,7,8,9,12 අනුපචය ස්ථාන යි. කාන්තා කේන්දරයක මේ අනුපචය රාසියකට පැමිණි සඳු, කුජ විසින් දක්නා ලද කල්හි කාන්තාවන් ගේ මසක් පාසා සිදුවන ඔසප්වීම සිදු වේ. ඒ අනුපචය රාසියක් නර රාසියක්ද වී. ඒ අනුපචය නර රාසියකට පැමිණ සඳු, කුජ විසින් දක්නා ලද කල්හි සුදුසු වයසට පැමිණි කුමරියන්ගේ මල්වරය හෙවත් මුල් මැ ඔසප්වීම සිදුවන්නේ යැ.

මෙ වැනි විටෙක දී දෝ සතර උපයෝගී කැරැ ගෙන පලාපල විමැසීමේ සිරිත ලංකාව, ඉන්දියාව වැනි රටවල පවතින්නකි. ඒත් මලවරය සිදු වූ නියම වේලාව දැනගැනීම අසීරු යැ. සමහර විට ඒ අවස්ථාවට පත් වූ කුමරිය වත් හරියට මැ වේලාව කීමට නො දනී. එ හෙයින් වේලාව සඳහන් කරනුයේ අනුමානයෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

071-8034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.