දෝ සතර 28 ; දිග් බලය හා ගණ්ඩාන්තය

පෙබරවාරි 15, 2019

දිග් බලය යනු දිසාවට බලවත් වූ යන අරුත දෙ යි. සතර දිසාවට බලවත් වන ගහයන් මෙ සේ හඳුනා ගනිමු.

ලග්නයට – ගුරු, බුද

සිව් වැන්නට – සඳු, සිකුරු

හත් වැන්නට – සනි

දහ වැන්නට – රවි, කුජ

උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර යන සැටියෙන් ගහයන් ඒ ඒ රාසිවලදී බලවත් වන්නා සේ මැ හතර කේන්දරය හැටියට සැලැකෙන 1,4,7,10 යන රාසි හතරේ දී ද ඉහත සඳහන් ගහයෝ බලවත් බවට පැමිණෙති.

මකර ලග්න කේන්දරයෙක ලග්නයේ පිහිටි ගුරු නීච වෙයි. ඒත් එ තැන ගුරු ගේ දිග්බලය පවතී. වෙනත් ගහයකු ලග්නයේ නීචවීමත්, ගුරු ලග්නයේ නීචවීමත් අතරැ බලවත් වෙනසක් ඇතිවන්නේ ඒ නිසා යි. මීනය ලග්නය වී එහි බුද නීචවීමත් එ බඳු යි.

ඒ වාගේ මැ වෘශ්චිකය හෝ කන්‍යාව හෝ හතර වැනි රාසිය වී එ තැන සඳු හෝ සිකුරු හෝ වුව ද නීචයේ පාඩුව සේ මැ දිග්බලයේ වාසිය ද යම්තමින් හෝ ලැබෙන අවස්ථාවකි.

හතේ සෙනසුරු නීචවීමත් එබඳු යි. හතේ සෙනසුරු නීච වන්නේ තුලා ලග්න කේන්දරයේ යි. හතට සනි නරක නැතැ යි ඇතැම් දෝසතර ඇදුරන් පුන පුනා කියන්නේ ද ඒ නිසා යි. ඒ කෙසේ වෙතත් හතේ සනි නීච වූ විට ලිංග ඉන්ද්‍රිය පමණින් කුඩාවීම, හැකුළුණු ගතියක් ඇතිවීම ස්නායු ශක්තිය හෙවත් දැනැවි සවිය හීන වීම වැනි අඩුපාඩුකම් නම් ඇතිවනවා මැ යි. හොඳ යැ යි කියන්නේ පවුල් ජීවිතයක ඇති කරදර කම්කටොළු ඉවසා දරා ගෙනැ සිටීමට සනිට ඇති හැකියාව සලකා යි. ඒත් එය හොඳක් හැටියට මම නම් නොසලකමි. විවාහ ජීවිතයක් යනු කරදර කම්කටොළු ඉවසා දරා ගෙනැ සිටීම පමණක් නො වේ. එහි ලා විවාහ තෘප්තියට යම් පමණ බාධා වේ ද, එ පමණට එය නීරස වෙයි. එ සේ නම් කරදර විඳ දරාගැනීමේ හැකියාව සලකා එය සුබ යැ යි කීම නොපිළිගත හැක්කකි. යම් රෝගයකින් පීඩා විඳින්නකු එය දරා සිටින්නේ වෙන කළ හැකි දෙයක් නොමැති නිසා යි. එය බලා ඒ තෘප්තියකැ යි කිව හැකි ද? ඒ නිසා අනෙක් දිග්බල තුන කෙසේ වෙතත්, හතේ සනි ගේ නීචයක් සමඟ යෙදෙන දිග්බලය, නිවටකම ඉවසීම ලෙස පෙනෙනවා වැන්නකි. මේ කේන්දරය බලන්නැ. 1 සටහන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.