දෝ සතර 25 යුග දිවියට සබැඳි කරුණු : අවිවාහකව ජීවත්වීම

ජනවාරි 25, 2019
කේන්දරයේ 22 වැනි දෙර්කානාදිපති ගුරු යි. බාදක ගහයාත් ඒ ගුරු මැ වෙයි. සඳු ගෙන් හත් වැනි රාසියත් ඒ ගුරුට මැ හිමි වී ඇත. 55 වැනි නවාසංකය අදිපතියාත් ගුරු යි. 64 වැනි නවාංසකය බුදට හිමි වී ඇත. හත අදිපතියා මේ 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංසකයේ අදිපති ද හා එක්තැන් වී ඇත. එ හෙයින් ඔහුට ද විවාහය අහිමි වී ඇත. දැන් ඔහු 37 වැනි විය ඉක්මවා සිටී. 
 
ඉගෙනීම, රැකියාව, ආදායම් තත්වය ආදි සම්පත් හිමිකම ඇතත්, විවාහය අහිමි වී තනිකඩ වැ දිවි ගෙවන අය ද වෙති. එ සේ වීමට බලපාන දෛවමය තත්වය ද ජන්ම කේන්දරයේ පෙන්නුම් කැරෙයි. 
 
1 සටහන 
මෙය කාන්තාවක ගේ කේන්දරයකි. ඇය පුහුණු ගුරුවරියකි. රූප සම්පත්තිය ද ඉතා යහපත් යැ. සහෝදරියන් තිදෙනකු සිටින පවුලෙක බාල සොහොවිරිය යි. වැඩිමල් සොහොවිරියන් දෙ දෙනා ගෙන් එක් කෙනකු වෛද්‍යවරියකි. අනෙක් සොහොවිරියද යහපත් රැකියාවෙක නිරත වැ ඇත. ඒ දෙ දෙනා මැ විවාහක යි. මේ කේන්දරය හිමිකාරියට ද සුදුසු විවාහයක් සලසා දීමට මව් පිය දෙදෙනාත්, වැඩිමල් සොහොවිරියන් දෙ දෙනාත් බොහෝ උත්සාහ කළ ද එයින් පලක් නො වි යැ. දැන් ඇය පණස් වැනි වියට ද එළඹ ඇත. එ සේ වූයේ ඇයි දැයි බලමු. 
මෙහි විවාහ කාරක සිකුරු මැ 22 වන දෙර්කාණාධිපති වී ඇත. 64 වැනි නවාංසකය අදිපතියා කුජ යි. ඒ කුජ ගේ බැල්ම ද සිකුරුට වැටී ඇත. සිකුරු බාදක ගහයා ද වී ඇත. ඒ සිකුරු ගේ බැල්ම පස් වැනි රාසියටත් හත් වැනි රාසියටත් වැටී ඇත. 55 වැනි නවාංසකය අදිපතියා ද සකට යෝගයට අසු වී සිටී. මේ ගහ බල ඇය ගේ විවාහය වළකා ඇත. 
2 සටහන 
 
මේ තවත් එ වැනි කේන්දරයකි. එය පිරිමි කෙනකු ගේ යි. 
 මාහු ගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ගෙවල්, ඉඩම්, යාන වාහන ආදි සියලු සම්පතින් අනූන යි. රූප සම්පත්තිය ද යහපති. මොහු සිය මව් පිය දෙ දෙනා ගේ එක මැ දරුවා යි. පියා දැන් දේපල සම්පත් සියල්ල පුතුට පවරා ඇත. සිය එක මැ දරුවාට විවාහයක් සලසා දීමට ඒ මව් පිය දෙ දෙනා නො ගත් තැනක් නැත. ඒත් එයින් පලක් ලැබී නැත. 
මේ කේන්දරයේ 22 වැනි දෙර්කානාදිපති ගුරු යි. බාදක ගහයාත් ඒ ගුරු මැ වෙයි. සඳු ගෙන් හත් වැනි රාසියත් ඒ ගුරුට මැ හිමි වී ඇත. 55 වැනි නවාසංකය අදිපතියාත් ගුරු යි. 64 වැනි නවාංසකය බුදට හිමි වී ඇත. හත අදිපතියා මේ 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංසකයේ අදිපති ද හා එක්තැන් වී ඇත. එ හෙයින් ඔහුට ද විවාහය අහිමි වී ඇත. දැන් ඔහු 37 වැනි විය ඉක්මවා සිටී. 
3 සටහන 
මේ තවත් එ වැනි කේන්දරයකි. 
මෙය ද කාන්තාවක ගේ කේන්දරයකි. ජීවිතය යහපත් වැ පවත්වා ගැනීමට ඇවැසි වත්කම, උගත්කම, රැකියාව ආදි සම්පත් හිමි,රූමත්කම ද ඇති කාන්තාවක වන ඇයට ද විවාහය අහිමි වී ඇත. මේ කේන්දරයේ ද 22 වන දෙර්කාණයක් 64 වන නවාංසකයත් විවාහ කාරක සිකුරුට හිමිවී ඇත. ඒ සිකුරු ගුරු හා එක්වී ඇතත් සිටිනුයේ හත් වැන්නෙන් අට වැන්නේ යැ. බාදක ගහයාත් නීච රාසිගත වී සිටිමින් හත් වැන්නට බැල්ම හෙළ යි. 55 වැනි නවාංසකය අදිපතියා ද සඳු ගෙන් හත් වැනි රාසියේ අදිපතියාත් වී සඳු ගෙන් අට වැන්නේ සිටී. 
මේ කේන්දරවල යෙදී ඇති විවාහයට අයහපත් ගහ බල තේරුම් ගත් විට විවාහය අහිමි කරවන දෛව බලය තේරුම් ගත හැක. මෙ සේ වන්නේ පෙර භවයෙක ඒ අතින් කරන ලද අකුසලයක් නිසා යි. 
4 සටහන 
 මේ කන්‍යා ලග්න කේන්දරය තවමත් තරුණ වියේ සිටින කෙනකු ගේ යි. ඔහුට ද උගත්කම, රැකියාව, ආදායම් තත්වය යන කරුණු අතින් යහපත් පල ලැබී ඇතත් විවාහයක් ඉටු නො වන ලකුණු කේන්දරයේ දක්නට ඇත. හත් වැන්න අදිපති ගුරු 22 වන දෙර්කාණය අදිිපතියා ද වී අට වැනි රාසියට වැටී ඇත. එ තැන සඳු ගෙන් හත් වැනි රාසිය ද වී ඇති අතර ඒ රාසියේ අදිපතියා 64 වැනි නවාංසකය අධිපතියා ද වී ඇත. බාදක ගහයාත් ගුරු යි. 
ලංකාවේ අගමැති පදවිය හෙබවූ ඩඩ්ලි සේනානායක මහතා හා විජයානන්ද දහනායක මහතාද අවිවාහක වැ දිවි ගෙවූ වෝ වෙති. විවාහයට උගත්කම, රැකියාව , ධන සම්පත , සමාජ තත්වය අදාළ නැත. ඒ සියලු සම්පත් අහිමිවී හිඟමනෙන් ජීවත් වන තැනැත්තාට ද විවාහයට අදාළ ගහ බල සතුටු දායක නම් විවාහයක් හිමි වෙයි. ඒ ගහ බල අසතුටුදායක නම් අනෙක් සම්පත් කො පමණ ඇතත් විවාහය අහිමි වෙයි. 
 
හේමසිරි කුමාරණතුංග
0718034076
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.