දෝ සතර : 22

ජනවාරි 4, 2019

විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිලි කිරීමක් 21 වැනි පැටුමෙන් කරන ලදී.ඒ පිළිබඳ පැහැදිලි කළ යුතු තවත් කරුණු කීපයක් තිබේ.

කේන්දර දෙකෙහි පොරොන්දම් ගැලපීම යහපත් තත්ත්වයෙන් ඇති හෙයින් විවාහ වී, ටික කලක් යන විට මහත් කලකිරීමෙන් දිවි ගෙවන ඇතැම් අය ද සිටිති. ‘විවාහ නො වී සිටියා නම් මීට වඩා හොඳ යැ”යි කියන අයද ඔවුන් අතර වෙති. ඒත් කේන්දර ගැලපීම යහපත් නිසා විවාහය බිඳ වැටෙන්්නේ නැත. ඒත් කලකිරීමත් ජීවිත ගැටලුත් වැඩි යි. එ සේ වන්නේ ඇයි? විවාහ වූ දෙදෙනාට එක මැ කාලයේ දිගු ඒරාෂ්ටක අපල හා අයහපත් මහ දසා කාලයන් ද යෙදීමෙන් මුහුණපාන්නට වන දුක් ගැහැට නිසා යි.

කේන්දරයක හතර වැනි රාසියේ හෝ දහ වැනි රාසියේ හෝ සඳු සිටින්නේ නම්, ඒ අයට ඒරාෂ්ටක අපල තුනක් එක පෙලට යෙදේ. මේ අපල තුන ගෙවී යාමට වසර 17 1/2ක් තරම් කාලයක් ගත වේ. සඳු හතර වැනි රාසියේ පිහිටි විට, චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටකයත්, ලග්න ඒරාෂ්ටකයත්, ජන්ම ඒරාෂ්ටකයත් එක පෙළට යෙදේ. සඳු දහ වැනි රාසියේ පිහිටි විට අෂ්ටම ඒරාෂ්ටකයත්, ජන්ම ඒරාෂ්ටකයත් ලග්න ඒරාෂ්ටකයත් එක පෙළට යෙදේ. මේ කාලයේ රාහු මහ දසාව හෝ සෙනසුරු මහ දසාව හෝ යෙදුනොත් තත්වය වඩාත් අයහපත් වෙයි. රාහු දසාව වසර 18 කි. සෙනසුරු දසාව වසර 19 කි. ඒරාෂ්ටක අපල තුන අවසන් වීමට වසර 17 1/2කුත් ගත වේ. විවාහ වූ දෙදෙනාටම එක මැ කාලයේ මේ තත්වයට මුහුණ පෑමට සිදු වුව හොත් ජීවිතය ගෙනැ යන්නට සිදුවනුයේ නොඑක් දුක් කරදර කම්කටොළු මැද්දේ යැ.

හේමසිරි කුමාරණතුංග

0718034076

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.