ජංගම විෂ

ජුනි 25, 2021

අංශ අටක් වූ ආයුර්වේදයේ විෂ පිළිබඳ උගන්වන අංශය “අගද තන්ත්‍රය” නම් වේ. අධ්‍යයනයේ දී ජංගම විෂ හා ස්ථාවර විෂ යනුවෙන් කොටස් දෙකකි.

 

ජංගම විෂ යනු

කෘමීන් උරගයින් (සිව්පා අපා දෙපා බහුපා) වැනි සත්ව හා මත්ස්‍ය වර්ග ඇතුළු චලනය වන සියලු සතුන්ගේ සැපීම් වැනි හානිකර අවස්ථා මෙයට අයත් වේ.

විෂ ප්‍රභේද

අධ්‍යයන පහසුව තකා උග්‍ර විෂ සහ සාමාන්‍ය විෂ යනුවෙන් බෙදෙන අතර “ශංකාවිෂ” නමැති තවත් අවස්ථාවක් ද ඇත. එනම් සර්පයකු දෂ්ට කරන ලද සැකය නිසා ඇතිවන රෝග අවස්ථා ය.

වළක්වා ගැනීම

ගම්බද ජනවහරේ සර්පයන්ගෙන් ආරක්ෂාවීමට කෙම්ක්‍රම භාවිතා වේ. රාත්‍රී කාලයේ දී හෝ සර්පයන් ඇති ස්ථානවල ගමන් කිරීමේ දී පාවහන් පැළඳීම උස් හඬින් කතා කරමින් යාම ශබ්ද නගමින් යාම හෝ සැරයටියක් රැගෙන යාම ඉතා වැදගත් වේ. ගෘහාශි‍්‍රතව වැඩි වශයෙන් ඇතිවන දෙයක් වන පත්තෑ දෂ්ඨය රාත්‍රී කාලයේ දී මිනිස් සිරුරේ අපද්‍රව්‍යවලට ඉව අල්ලමින් ගැවසෙන නිසා පත්තෑ දෂ්ඨය රාත්‍රී කාලයේ දී වැඩි වශයෙන් දැකිය හැකි ය.

මේ නිසා පවිත්‍රතාවය ඉතා වැදගත්ය. තම පරිසරය තම ඇඳුම්වල හා තමාගේ පවිත්‍රතාවය පත්තෑයන්ගෙන්, මීයන්ගෙන් වන දෂ්ඨයන්ගෙන් වැළකීමට හොඳ මාර්ගයකි. අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම ඉතා වැදගත් වන්නේ කුණු රැඳෙන තැන් තිබීම මීයන් සර්පයන් බෝවීම වැලැක්වීම ය.

නිතර ගෙමිදුල හා නිවස අතු ගා පවිත්‍ර කිරීම කුණු රොඩු පුච්චා දැමීම නිවසට දුම් ඇල්ලීම වැදගත් ය. දුම් ඇල්ලීම සඳහා මදුරුතලා, අගිල් කට්ටකුමංජල්, කුංකුම වැනි දේවල් මෙන් යම් පළාත්වලට ආවේණික වෙනත් ද්‍රව්‍ය වර්ග ද වේ. නිවස අවට සිටුවන ගස්වර්ගවලින් ද සතුන් ඒම වලකන ක්‍රම ඇත. තණකොළ කැපීම් වැනි අවස්ථාවලදී පත්තෑ, ගෝනුසු විෂට බොහෝ ගම්බද පළාත්වල උඩ වාටිය යටට ඇඳීම, අත් බෙහෙත් කෙම්ක්‍රම මඟින් යෙදී, මන්ත්‍ර භාවිතය, බොහෝ විට ගම්බදව පවා භාවිත වුවත් එම අවස්ථාවේ දී විෂ යටපත් වී පසු කලකින් මතුවිය හැකි බැවින් ඖෂධ ප්‍රයෝග කිරීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රථමාධාර

යම් දෂ්ඨයකදී රෝගියා ධෛර්යමත් කරන්න. කම්පනය සමනය කරමින් කතා කරන්න. දෂ්ට අවස්ථාවේදී ම දෂ්ට ස්ථානයට ඉහළින් ශරීරය පැත්තට විෂ ඒම වැළැක්වීම සඳහා රෙදි පටියකින් බඳින්න. දෂ්ට කළ ස්ථානය පිරිසුදු කිරීම එකෙනෙහිම කරන්න. බල්ලකු සපා කෑ විට සබන් යොදා හොඳින් සෝදන්න. එන්නත් ප්‍රතිකාර සඳහා යොමු කරන්න. සර්ප දෂ්ටයක් නම් එම ස්ථානය රතුලුනු , දෙහි වැනි දෙයක් යොදා එකෙනෙහිම ලේ පිට කරන්න. තුවාලය බලා වැදී ඇති ‘දළ’ පරීක්ෂා කර ප්‍රථමාධාර තීරණය කළ යුතු වේ. මී විෂ බඹර, දෙබර වැනි සතුන්ගෙන් නම් පිත ඉවත් කරන්න. සහිඳ ලුණු කුඩු අඹරා ගල්වන්න. පෙඟවූ රෙදි කඩකින් නයි පොළොං වැනි උග්‍ර විෂ සත්තු නම් එකෙනෙහිම රතුලූනු හෝ දෙහි පිරිසුදුව කපාගෙන අතුල්ලා කෑ මුඛයෙන් විෂ සහිත ලේ පිට කරන්න. කෑ මුඛය පිරිසුදුව තැබීම දිවි කදුරු දළු පිරිසුදු කර තැබීමෙන් විෂ සහිත රුධිරය පිට වේ. විෂ ඉරීම වෛද්‍යවරයකු හමුවන තෙක් කිරීමට විෂ ගල් භාවිතය හොඳයි.

විෂ ඉරීම

මේ සඳහා පුරාණයේ ක්‍රම හයක් පමණ භාවිතා වී ඇත්තේ අද ප්‍රචලිතව ඇත්තේ විෂ ගල් ක්‍රමය සහ වාෂ්ප බෝතලෙන් විෂ ඉරීම ය.

විෂ ගල භාවිතා කිරීමට පෙර දෂ්ට මුඛය පාදා ගැනීම කළ යුතු වේ. මුඛය සෑදීම සඳහා හොඳම දේ නම් දෙහි, රතුලූනු වැනි දේවල්ය. මුළුතැන්ගෙයට රස කාරක පමණක් නොව මෙවැනි ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ය. මේවා හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනය සඳහා නිවසේ තිබිය යුතු ය. තවද හොඳ ද්‍රව්‍යයකි.

දෂ්ට මුඛය පාදා ගැනීමට මෙම ද්‍රව්‍ය මහඟු කාර්යයක් ඉෂ්ට කරයි. මුඛය පෑදීමෙන් පසු විෂ මිරිකා හැකි පමණ ලේ ඉවත් කළ යුතු ය.

දෙවෙනි ක්‍රමය

විෂ උරා දැමීමේ දී හිස් බෝතල් දෙකක් පාවිච්චි කරන්න. එක බෝතලයකට නටන වතුර දමා වතුර ඉවත්කරන විට කෑ මුඛයට හුළං නොවදින සේ තද කර තබන්න. විනාඩි තුනක් පමණ වේලාවකින් ඊළඟ බෝතලය ඒ ක්‍රමයට තබා විෂ උරවන්න.

විෂ ගල්

විෂ ගල් භාවිතතය විද්‍යානුකූල ක්‍රමයකි. කලින් අල්ලන ලද ගලක් නම් හොඳින් සුද්ධ කර විෂ ඉවත් කළ එකක් විය යුතු අතර හොඳම ක්‍රමය විෂකදී එක්වරකට වැඩිය විෂ ගලෙන් ප්‍රයෝජනය නොගැනීමයි. විෂ ගලක් විෂ මැරීමට පොල් කිරෙහි ගිල්වීම ප්‍රමාණවත් නොවේ. එක් දෂ්ඨයක් සඳහා පාවිච්චි කළ ගලක් නම් නැවත ඇල්ලීමට පෙර දෙහි යුෂයෙහි ගිල්වා පැය හතරක් පමණ තබා පසුව වේලා සකස් කර ගන්න.

වෛද්‍යවරයකු හමුවන තෙක් රෝහලකට රැගෙන යන තෙක් ප්‍රථමාධාර ලෙස ගිතෙල් හැන්දක් පෙවීම ඉතා වැදගත් ය. එහෙත් සිනකල් විෂේද මෙය නොකළ යුතු ය.

විෂ නසන කොළ කැඳ

මේ සඳහා බොහෝ විට යෙදෙනුයේ කරපිංචාය. ඇත්දෙමට පොතු, ඉරමුසු, රණවරා, වෙනිවැල් කොළ ආදී දේවල් භාවිතා කළ හැක. සර්පයන්ගේ විෂ අනුව හාතාවාරිය, ඉදිබඩ වැනි දේ ද කැඳ සඳහා භාවිතා වේ. සර්පයාගේ වර්ගය අනුව කැඳ වර්ග වෙනස් වේ.

ජංගම විෂ

මී, දෙබර, බඹර විෂහිදී විෂ තත්ත්වය වැඩි නම් රසකිඳ කොළ කොටා වණ්ඩුවේ තම්බා ඉස්මට දෙහි ඇඹුල් දමා බීමට දෙන්න. කරඳ මුල්, දෙහි ඇඹුලෙන් අඹරා ගා පසුව ප්‍රතිකාරයක් කරන්න. දෙබර විෂ සඳහා ද මෙසේ කළ හැකි යය.

 

උපදෙස් -වෛද්‍යදේශපි‍්‍රය අභයවර්ධන

 

සටහන -ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.