අමරවංශ පතිරාජ අනුස්මරණ ශ්‍රවණාගාරය විවෘත වූ දා

නොවැම්බර් 20, 2020

ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය මගින් පාලනය වන කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ “හෙළ වෙද ගෙදර” පළමු මහල “අමරවංශ පතිරාජ අනුස්මරණ ශ්‍රවණාගාරය” එහි ලේඛකාධිකාරිණී හා විදුහල්පතිනි විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත විනීතා කල්‍යාණි පතිරාජ මහත්මිය අතින් පසුගියදා විවෘත කෙරිණි. මෙම අවස්ථාව විද්වතුන් ප්‍රදේශවාසීන් හා වෛද්‍ය සිසු සිසුවියන් සහභාගි වූහ.

සටහන හා ඡායාරූප ගීත් ද මැල්

 

නිදහස් ආයුර්වේදයේ ජනතාවට සේවය

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මහවැව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.

මේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට මැදහත්තිනිය පිහිටි යටකලන්පත්තු නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කරයි.

මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න 

 

වෛද්‍ය ආනන්ද බෝවත්තේ පස්වෙනි සමාජ සත්කාර සේවය

ප්‍රවීන ආයුර්වේද වෛද්‍ය ආනන්ද බෝවත්තේ මහතාගේ පස්වෙනි ගුණානුස්මරණ වැඩසටහන අනුව පස්වෙනි වතාවටත් ක්‍රියාත්මක කළ සමාජ සත්කාර සේවාව යටතේ ආනන්ද බෝවත්තේ මහතා සිහිපත් කරමින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයේ මහවත්ත 690 සවිය වැඩිහිටි සංවිධානය වෙනුවෙන් පුටු පරිත්‍යාගයක් සීදේවි බෝවත්තේ මහත්මිය විසින් සිදුකරන ලදී. ගුණ සමරුව මුල්කර ගෙන මෙම පරිත්‍යාගය බෝවත්තේ මහත්මිය විසින් 690 සවිය වැඩිහිටි සංවිධානයේ සභාපති ඇස්.ඩී. චන්ද්‍රදාස මහතා වෙත බාර දෙන ලදී.

පරලෝසැපත් ආයුර්වේද වෛද්‍ය ආනන්ද බෝවත්තේ මහතා ආයුර්වේද මුල්කරගෙන සමාජ සත්කාර සේවාවන් රැසක් ආයුර්වේද වෛද්‍ය සායන සඳහා බෙහෙත් ලබා දී ඇති අතර තවත් සේවා රැසක් අඛණ්ඩව පවත්වා ඇත. මහනුවර ප්‍රධාන පෙළේ බෞද්ධ සමිති ගණනාවක ප්‍රධාන නිලතල දරමින් ආගමික, කටයුතු වෙනුවෙන් විහාර , පන්සල්, ගණනාවකට ශාසනික සේවාවන් රැසක් ඉටුකර ඇත. එම සේවාවන් අතර ධර්මාසන පූජාවන් මුල්තැනක් ගනී.

වෛද්‍යාචාර්ය ආනන්ද බෝවත්තේ මහතා ගුණානුස්මරණය කරමින් ඉදිරියටත් එම සමාජ සත්කාර සේවාවත් මහනුවර ශ්‍රී පුෂ්පදාන කාන්තා සමිතියේ උපසභාපතිනි සීදේවි බෝවත්තේ මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන්නේය.

කේ.බණ්ඩාරනායක 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.