වසංගත රෝග තුරන්කිරීමට ඔසු මංජුසාවක්

ජූලි 10, 2020

කොරෝනා රෝගීන්ට ඉක්මන්සුවය ලැබීමටත් එම වසංගතය ඉක්මනින් ලංකාවෙන් තුරන්වීම සඳහාත් බුදුගුණයෙන් ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාවක් පසුගිය හත්වනදා මහියංගන රජමහා විහාරයට පූජා කරන ලදී.

තලාතුඔය විශ්වසාම පදනමේ සභාපති ර.මු.සරත් රන්වල මහතා ඇතුළු සාමාජිකයින් විසින් මෙම පූජාව සිදුකරන ලදී. ආශිර්වාද කරන ලද ඖෂධ මංජුසාව තලාතුඔය මුදුනකඩේ ගල්කොටුව පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත මුරුතලාවේ ධම්මකිත්ති හිමියන් විසින් විශ්ව සාම පදනමේ සභාපති සරත් රන්වල මහතාට සහ ලේකම් යූ.බී. රඹුක්වැල්ල මහතාට භාරදුන් අයුරු සේයාරුවේ දැක්වේ.

පී.ඒ.කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.