ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පීඩා විඳින අර්ශස්

මාර්තු 13, 2020

මත්පැන් පානය, තෙල් බැදුම් ආහාර වැඩිපුර කෑම, ටික ටික ආහාර ගැනීම, අඹ, විනාකිරි, ලුණු අධික අච්චාරු වැනි ආහාර ගැනීම අධික උෂ්ණත්වයෙන් යුත් මස්, මාළු කෑම, තන්තු අඩු පිටි ආහාර ජාති වැඩිපුර කෑම ,ජලය අඩුවෙන් පානය කිරීම හා වෙනත් උෂ්ණාධික පාන වර්ග බීම, අර්ශස් රෝගයට ප්‍රධාන වශයෙන් හේතු වේ. ආයුර්වේදයේ අර්ශස් රෝගී තත්වය හඳුන්වනු ලබන්නේ මහා රෝගයක් හැටියටයි. මේ පිළිබඳව වැදගත් ආයුර්වේද ග්‍රන්ථයක් වන මාධව නිදානයේ මෙසේ දක්වා ඇත. අරීවත් ප්‍රාණාත් ශෘණති – හීනස්ති ඉති අශ¡ඞ . සතුරකු මෙන් පණ නසනුයේ අර්ශස් නම් යනුවෙනි.

 

තිවවගපුල් කොටටමුත් දුරු කොත්තමල්ලිත් සමගි නා

දෙව්දුරුත් සහ කලද කලදින් ඕනු රතුනවකලදි නා

හකුරු සුදදස කලන් ගනිමින් තලද ඵල නැලියක් ගෙ නා

මෙහැම නිවරද කලද එකතුව වනෙහිලා පිඩුකරමි නා

 

ලූණු ඇඹුල් හැර සදිනකකා සද්දිනක් ඇල්පැන්සලා ගි ස

ගුණ මෙයින් අර්ශස් රුජාවදි මෙහෙය දිගවැඩි නසා මි ස

පාඩුරත්පිත් ග්‍රහණි ලේ දොස් බුල මැදින් මළ බැන්දු දො ස

මෙහැම දුරුකර සෙත සලස්වා ගිනිද නිව මින් සතට වෙයිය ස

 

එමෙන්ම ආයුර්වේදයේ පුරාණ ආයුර්වේද ග්‍රන්ථයක් වන චරක සංහිතාව ද අර්ශස් රෝගී තත්වය පෙන්වා දෙනු ලැබුවේ මේ අයුරිනි.

තස්මාදශිංසි දුධාති – බහුව්‍යාධිකරාණිච

සව¢දේ, හෝථතාජිති – ප්‍රායඞ කෘච්ඡ්‍රක මානිචං

අර්ශස් බොහෝ රෝග ඇතිකරති. සියොළඟ පෙළෙති. එම නිසා දුකසේ සුවකළ හැකිය. අර්ශස් රෝග තත්වයට බෙහෙවින් හේතුවන්නේ බඩ වේලීමයි. එසේ මලබද්ධය පැවතීමත් හේතුවේ. ගුදයේ උඩ සිට යට අතට මළවල වියළි බව ඇතිවීමෙන් එම තත්වය ඇතිවේ. මළ පිට කළත් ප්‍රමාණවත් ලෙස මළපිට නොවන නිසා වරින්වර මළ පිට කිරීමේ තත්වයක් හටගනී. එමෙන්ම මළ හිර වී ඇති බවක් දැනේ. එමෙන්ම ගුදය කෙළවර ඉදිමුමක් ද ඇතිවේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මලබද්ධය නොසලකා සිටීමෙන් අර්ශස් රෝගී තත්වය ඇතිවන බවයි. බොහෝ වේලාවක් සිටගෙන සිටීමේ පුරුද්දත් දිගටම වාඩිවී සිටීමත් හේතුවකි. සමහර අයට අර්ශස් රෝගය ආරෙට යන රෝගයක් ලෙසද හැඳින්විය හැකිය. සහජ රෝග වශයෙන් එය පෙන්වාදී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.