ලෙඩ රෝගවලින් මිදීමට දේශීය වෛද්‍ය ක්‍රම

පෙබරවාරි 21, 2020

දැන් මුළු ලෝකයම කතා කරන්නේ කොරෝනා වෛරසය ගැනය. මීට පෙරද අපේ ලක් දෙරණේ නොයෙකුත් වසංගත රෝග එමට පැතිරී තිබුණි.

කලින් කලට එක් එක් වසංගත රෝග පැතිරීම සොබා ධර්මය අනුව සිදුවේ. අපේ පැරැණි අයද දේශීය ප්‍රතිශක්ති කර්මවලින් හා කෙම් ක්‍රමවලින් යන්ත්‍ර මන්ත්‍ර වෙද හෙදකම් ගැන දැන සිටියා ය. ආයුර්වේදයේ ලෙඩ සෑදීමට පෙර එය වළක්වා ගැනීම සඳහන් වේ. ඔබත් මෙහි පළ කරන මෙම ක්‍රම අත්හදා බලන්නන. පෙරුම්කායම් අපේ පැරණි මුතුන් මිත්තන්ගේ කාලයේ පටන් භාවිතා කළ ප්‍රතිශක්ති ඖෂධයකි. කුඩා ළමයින්ට මෙන්ම වැඩිහිටි කාටත් ගුණදෙන දිව්‍ය ඖෂධයකි පෙරුම්කායම් කෑලි කිහිපයක් ගෙන මෙහි සඳහන් මන්ත්‍රයෙන් 108 වර මතුරාගෙන කපු රෙදි කෑල්ලක ඔතා දකුණු අතේ බැඳ ගැනීම බෝ නොවන රෝගය වළකා ගත හැකි ය.

එමෙන්ම මෙම ද්‍රව්‍ය සාදා, මෙම මන්ත්‍රයෙන් මතුරා ඔබේ නිවසට, ව්‍යාපාරයට උදේ සවස දුම් ඇල්ලීම යහපති.

අවශ්‍ය ඖෂධ දූපයට

හීන් මදුරුතලා, බෙලි කොළ, කොහොඹ කොළ, විෂ්ණු ක්‍රාන්ති, අගිල්, සුදුහඳුන්, වදකහ, වියළි කහ, එනසාල්, කුරුඳු පොතු, සුවඳ කොට්ටන්, වෙනිවැල්ගැට, සැවැන්දරා, නාමල් රේණු, මේ සම එක තරමට ගෙන කුඩුකර දුම් අල්ලන්න. නිවසේ ශි‍්‍රයාව පවා ඇති වේ.

මන්ත්‍රය

ඕං නමෝ ඕං ආං ඊං ඊශ්වර වාමඞ නවනාත භෛරවයන් කන්කාලී නීලි තෙහන් ජටාමහි හනුමන්තා අත්තුඩාමේ කඩපොල් අඩික් පට්ටු පොඩික්පට්ටු නරපට්ටු පෝග පෝග ඒස්වාහඞ ප්‍රේන් හී‍්‍රං තප්පු සව්ලි දේවනාරායනේ නොරා ඉරංගු අරගාරු ඵට්ටු කෙට්ටු සුරයක් අංගුලිමාල ගුරුප්‍ර සාදනේ ඒස්වාහඞ

බෝවන රෝග වැළැක්වීමට යන්ත්‍රයක්

ඕං මුනි මහා මුනි වජ්‍රමුනි මුනි මුනි යෙස්වාහඞ

ක්‍රමය - මල් බුලත් තටුවක් සාදා මෙම යන්ත්‍රය අඟල් දෙකක පලට තුනක් දිගට ඇද දිස්ටි ප්‍රාණ පලිප්පුකර මෙම මන්ත්‍රයෙන් 328 වර මතුරා කර පළඳිනු. තවද යන්ත්‍රය මතුරා ගෙයි ප්‍රධාන උළුවස්සේ ගසා තබනු. සියලු බෝවෙන රෝග දුරුවේ. ආරක්ෂාවයි. සත්තයි.

 

වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත

දේශකීර්ති වෛද්‍ය

කීර්ති පණ්ඩිත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.