මානසික සුවයට හෙළ වෙද පිළියම්

දෙසැම්බර් 20, 2019

මිය ගිය ඥාතියාගෙන් ලැබුණ වරමට දරුවන් හරස්වෙයි

ගැටලුව – මම වයස අවුරුදු 42 ක දෙදරු මවකි. මා හට දැනට වසර 02 සිට මාගේ මියගිය ඥාතියෙකුගෙන් සාස්තර කීමේ වරමක් ලැබී ඇත. මගේ ගෙදර වෙනම කාමරයක කුඩා දේවාලයක් සකස්කර සාස්තරකීම කරගෙනයන අතර මා වෙත එන අයට අවශ්‍ය ශාන්තිකර්ම ද කරදෙමි. මගේ දරුවන් මෙම සාස්තර කීමට කැමති නැත. ඔවුන් පවසන්නේ මට මානසික රෝගයක් ඇති බවය. එහෙත් මට එවැනි රෝගයක් නැති බව මම දනිමි. මෙය දරුවන්ට වටහාදෙන්නේ කෙසේද? සුදුසු උපදේශයක් ලබාදෙන්න.

පිළිතුර

ඔබට ඔබගේ ඥාතියාගෙන් ලැබී ඇති වරම පිළිබඳව විශ්වාසයක් ඔබගේ දරුවන්ට නැති බව පෙනෙන්නට ඇත. එම නිසා ඔබට කිසියම් මානසික රෝගයක් වැලඳී ඇතැයි දරුවන් විශ්වාස කරනවා වන්නට ඇත. එසේ නොමැතිනම් ඔබේ වරම පිළිබඳ ඇති අවිශ්වාසය නිසා සමාජයට මුහුණදීමේදී කිසියම් අපහසුතාවයකට පත්වී සිටිනවා වන්නටද පිළිවන.

ඔබ පළමුව කළයුත්තේ ඔබට ලැබී ඇති වරම සත්‍ය එකක් බව ඔබම පර්යේෂණාත්මක ක්‍රමවේදයකට තහවුුරු කර ගැනීමයි. ඔබ විසින් කියන සාස්තර සත්‍ය නම් වරමද සත්‍යයකි. ඔබ කියන දේ ද හුදු ප්‍රලාපයක් නම් වරම අසත්‍යයකි. මෙහිදී ඔබ ඔබටම අවංක විය යුතුය. වංක වුවහොත් ඔබටත් ඔබගේ පවුලටත් ඔබ කරගනුයේ විශාල හානියකි. මේ පර්යේෂණය සඳහා ඔබට මනෝ විද්‍යා උපදේශකවරයෙකුගේ සහනය ලබාගත හැකිය. සත්‍යය යනු එකකි .සත්‍යයැයි සිතා සිටින දේ තවත් එකකි. ඔබගේ සාස්තර කීම සත්‍ය එකක් නම් ඒ බව ඔබේ දරුවන්ට ඔප්පුකර පෙන්විය යුතුය. එසේ කළ නොහැකිනම් දේවාලය වසා දැමීම වඩාත් සුදුසුය. දෙවනුව මනෝ විද්‍යා උපදේශකවරයා මගින්ම ඔබට සායනික පර්යේෂණයකට ලක්කරවා ගැනීමෙන් ඔබට මානසික රෝගයක් නැති බව තහවුරු කරගත හැකිය. දරුවන්ට ඒ ආකාරයට එය ඒත්තු ගැන්විය හැකිය.

මනෝවිද්‍යා උපදේශනය යනු මානසික රෝගවලට ප්‍රතිකාර කරන සේවාවක් නොවේ. එය පුද්ගලයන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳාගැනීමට උදව් කරන සේවාවකි.

රාත්‍රියට මුත්‍රායාමේ

වැඩිවීමක්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.