සිංහල අලුත් අවුරුද්දයි ආයුර්වේදයයි

අප්‍රේල් 12, 2019

තව නොබෝ දිනකින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. එනම් අපේ‍්‍රල් මස 14 වන ඉරිදා අපරභාග 2.09 ට මෙම සුභ මුහුර්තය උදාවෙයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන අවස්ථාවේ ආරම්භ වන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් පටන් ගැනීමට අනාදිමත් කාලයක සිට පැවත ආ උතුම් චාරිත්‍රයකි.

එකම මොහොතක එකම දිශාවක් බලා එකම අරමුණක සැමගේ ගත සිත යොමු කිරීම මෙම චාරිත්‍රවල ඇති සුවිශේෂී තත්ත්වයකි. මෙම බක්මහ උළෙල එක් අතකින් සලකන විට නැකත් උළෙලක්ද වේ. ආයුර්වේදයත් ඡ්‍යොතිර්වේදයත් යන දෙකම මෙම සිංහල අලුත් අවුරුද්ද සමඟම බැඳී ඇති බවට සාධක රාශියක් වේ. හිස තෙල් ගෑම ඇතුළු සෑම චාරිත්‍රයක් පාහේ ආයුර්වේදය හා බැඳුණු කුමන හෝ සබඳතාවයකින් යුක්ත වේ.

සිංහල අලුත් අවුරුද්ද ලබන බක් මාසය ගැන සලකන විට මෙහි ඇති විශේෂත්වයක් දැකගත හැක. කොවුල් නාදය සමඟ එරබදු ගස් මලින් පිරී විවිධ පලතුරු ගස් පලබර වී මිනිසාට පමණක් නොව සතුන්ටද ආහාරවලින් හිඟ නොවන කාලයක් මෙම බක් මාසයේ ඇතිවේ.

මෙවන් සශ්‍රීක මාසයක උදාවන අලුත් අවුරුද්දට පෙර ආරම්භ වන “පුණ්‍ය කාලය” හෙවත් “නොනගත කාලය” තුළ සියලු දෙනාම පන්සල්වලට ආගමික ස්ථාන වලට ගොස් ආගමික වතාවත් ඉටු කිරීම සුලබ දසුනකි. මෙතුළින් මූලිකවම සිදුවන්නේ වසරක් පුරා ගත කළ අවිවේකී ජීවන රටාවෙන් මිදී උදාවන නව අලුත් අවුරුද්ද හොඳින් පටන් ගැනීමට සුදුසු මානසික නිරවුල්තාවය ඇති කර ගැනීමයි. ආයුර්වේදයේ දැක්වෙන පරිදිි රජස්, තමස් ගුණවලින් තොරව සත්ව ගුණයෙන් උසස් නිරවුල් බුද්ධිමත් මනසකින් යුතු පුද්ගලයෙකු ලෙස කටයුතු ඇරඹීමට ‘පුණ්‍ය කාලය “තුළින් ලැබෙන්නේ මහඟු පිටිවහලකි.

ගොකරැල්ල, පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.