හෙළ සිරිතට විරිතට අනුව හිසතෙල් ගාමු

අප්‍රේල් 12, 2019

අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑම අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරනු ලබන චාරිත්‍රයෙකි.

මේ සඳහා නානු සකස් කිරීමේදී ගන්නා ඖෂධ වර්ග 14 කි. වර්තමානයේ බොහෝ දෙනෙකු මෙම ඖෂධ වර්ග පිළිබඳ දැනීමක් හෝ ඒවායේ ඇති ඖෂධීය ගුණයන් මොනවාද කියාවත් දැනීමක් ඇතැයි සිතිය නොහැකිය. ඒ අනෙකක් නිසා නොව දේශීය ඖෂධවලට වඩා බටහිර වෛද්‍ය ක්‍රමයට පෙතිවර්ග,ක්‍රීම්වර්ග, එන්නත් ආදියට හුරුවීම නිසාය. ස්වභාවික දේශීය, ඖෂධ හා පැලෑටි ගැන අද යම්තරමින් හෝ දැනීමක් ඇත්තේ දේශීය වෛද්‍යවරුන්ට පමණක්ය. සමාජය සාක්ෂරතාවයෙන් අතීතයට වඩා දියුණු වුවත් ප්‍රායෝගික අතින් නම් ඉතාමත් පහළට වැටී ඇත. අතීතයේ දරුවන්ට ශිල්ප හෙවත් අකුරු ඉගැන්වූයේ අඩුම තරමින් බේත් සීට්ටුවක්වත් කියවා ගැනීමට දැනුමක් ලබා දීමටය.

නානු පිළියෙල කර ගැනීමට ගත යුතු ඖෂධ වර්ග

1.කලාඳුරු අල 2.ගොඩමානෙල් අල, 3.සුදුහඳුන් 4.ඉරිවේරිය 5 ඊතන 6.වෙනිවැල්ගැට 7.නෙලුම් දඬු 8.නස්නාරං මුල් 9.සැවැන්දරා මුල් 10.සස්සද මුල්, 11.බෙලිමුල් 12.කුංකුමප්පු 13.ගොරෝචන 14.විෂ්ණු ක්‍රාන්ති

මෙසේ සත්ව, ශාක හා පෘථීවි ගණයට අයත් මෙම ඖෂධවල ඇති ගුණය හා බලය කුමක්ද කියා විමසා බලමු.

ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල සුමනදාස වීරසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.