රන්රස සේ පෑහෙන මීපැණි

මාර්තු 15, 2019

කුරුඳු සුසංයෝගය

දිගු කාලයක් පුරා අපේ හද බැඳි ඖෂධ සංයෝග තිබේ. කුරුඳු සහ මීපැණි එවන් සංයෝගයකි. මේවා අපේ මුළුතැන්ගෙට ද නැතිවම බැරි ද්‍රව්‍යයයි. පුරාණ ආයුර්වේද වෙදකමේ මෙන්ම ඉපැරැණි චීන දේශීය වෙදකමේ ද කුරුඳු, මීපැණි සුසංයෝගයේ රස රහස් දක්වා ඇත.

මීපැණි අපේ සෛලවලට හානි කරන බාහිරින් ඇතුළුවන හානිකර ද්‍රව්‍ය විනාශ කරයි. එය රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව තබා ගැනීමට උපකාර වෙයි. වේදනා නාශකයක් සේ ක්‍රියා කරයි. විජලනය දුරු කරයි.

කුරුඳු ආසාදන, රෝගී තත්ත්ව නිසා ඇතිවන උෂ්ණත්ව අසමතුලිතතාව සමබල කරයි. මේවායේ ද සෛලවලට හානි කරන සිරුරට බාහිරින් ඇතුළු වන ද්‍රව්‍ය මර්දනය කිරීමේ හැකියාව පවතී. එමෙන්ම හානිවන සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක් ද ඇත. දියවැඩියා රෝගීන්ට කුරුඳු ඉතා ගුණදායකය. අන්ත්‍රවලදී කාබෝහයිඩ්‍රේට් දිරවිම ඉතා හොඳින් සිදුවේ. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ නොයයි. බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට ද කුරුඳු වැට බදියි. මේ කුරුඳු සහ මීපැණිවල ඇති මහා ගුණ සම්භාරයෙන් සුළු කොටසක් පමණි. ප්‍රබල ඔසු සංයෝග දෙකක් එකට සුසංයෝග කළ විට කෙතරම් සෞඛ්‍ය වාසි අත්පත් කරගත හැකි වේද? දිනපතා කුරුඳු - මීපැණි ආහාරයට ගත් විට ලැබෙන වාසි බොහොමය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද පෝෂණවේදනී පෙගී බ්‍රීස්ගේ උපදෙස් ඇසුරිනි

සටහන - චම්පිකා දීපානි රණසිංහ

.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.