කඩිසර මීමැස්සා අලසයෙක් නොකරමු

මාර්තු 1, 2019

මී පැණි ගත්කල ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ ඉතාම උසස් ඖෂධයක් වේ. මී පැණි ඇසට හිතවත්ය. ඇස වටා ගෑමෙන් පෙනීම පැහැදිලි වන්නේ ය. සිරුරේ පිඬු ගැසුණු පදාර්ථයන් විසුරුවාලයි.

පවස, සෙම, විෂ, හික්කා, රත්පිත්, ප්‍රමේහ, කුෂ්ඨ, කෘමි, වමන, ශ්වාස, කාෂ, අතීසාර යන මේ රෝගයන්ට භාවිතා කිරීමෙන් ඒ රෝගයන් නිවාරණය කිරීමේ හැකියාව මී පැණි සතුව ඇත. රළුය. කසට හා මිහිරි රස දෙකෙන්ම යුක්තය. මෙසේ ඖෂධීය ගැණුමෙන් යුතු මී පැණි ලොව ජනතාව අතර බහුල උනත් මෙය නිපද වන්නේ ඉතා කුඩා කෘමී සත්වයෙකි. මීමැස්සා හිමෙතප්ටෙරා ගෝත්‍රයට අයත් වේ. මී මැසි පාලනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. මිනිසා පරිනාමයේ පටන් මී පැණි ප්‍රයෝජනයට ගෙන ඇත. මරාගත් සතුන් ගේ මස් නරක් නොවී තබා ගැනීමට මී පැණි වල බහාතබා ගත් බව ඉතිහාසයේ සඳහන් ය. එපමණක් ද නොව මිසර ප්‍රභූන්ගේ දේහයන් මීපැණියේ දමා නරක් නොවී තබාගෙන ඇත. වෙදකමේ ආරම්භයේ පටන් මී පැණි ඖෂධයන් සඳහා යොදාගෙන තිබේ. එදා වනාන්තරයේ ගස් බෙන්වල ගල්තුළ ඇති ගුහාවල මීබැද තිබුණු අතර මිනිසා හා මී පැණි සබඳතාවයගොඩ නැඟීමත් සමඟ මී මැස්සන්ට මී බැඳීම සඳහා ස්ථානයන් සකසා දීමට මිනිසා සමත් වී ය. මී මැස්සා පැණි රැස් කිරීමට මල් කරා යන අතරේ ඔවුන් පැණි ගනිත් ඒ සමඟම මලින් මලට යාම නිසා පරාගපෝෂණය ඉබේම සිදුවෙයි.අද මී මැසි පෙට්ටි නිවෙස්වල බොහෝ දැකීමට සුලභය.

අමිතිරිගල මැදගොඩ, ආයුර්වේද වෛද්‍යාචාරිණී ගුණවතී එදිරිසිංහ මිය සමඟ සාකච්ඡා හා සටහන යටියන්තොට සමූහ, කුමාරසිංහ ගුණදාස

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.