පිළිකාවට අත වනන වැරැදි ආහාර පුරුදු

ජනවාරි 25, 2019

අපේ රටේ සමහරු තමන්ට වැලඳී ඇති හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගැන පවසන්නේ අභිමානයෙන් වුව ද එක් බෝ නොවන රෝගයක් ගැන නම් සුළඟෙන් පවා සඟවා ගැනීමට කැමැතිය.

ඒ පිළිකාවයි. පසුගිය වසරේ ලොව පිළිකා රෝගීන් ගණනට එක් වූ අලුත්ම රෝගීන් ගණන මිලියන 18.1 කි. පිළිකා වර්ග 36 කින් පමණ ලොව සියලුම රටවල ජනකාය පීඩා විඳියි. එහෙත් වැඩි වශයෙන් පිළිකාවෙන් බැට විඳින්නේ ආසියාතික අපය. ලෝක ජනකායෙන් සියයට හැටක්ම ජීවත් වන්නේ ද ආසියාවේමය.

ජනගහන වර්ධනය, වයස්ගත වීම පිළිකා රෝගීන්ගේ ගණන වැඩි කරන හේතූන් වුව ද, ප්‍රධානතම හේතුව නම් අපේ වැරැදි ඇවතුම් පැවතුම් වේ.

* මයික්‍රොවේව් පොප්්කෝන් - පොප්කෝන් සාමාන්‍යයෙන් සෞඛ්‍යයට හිතකර ආහාරයකි. ඒ නිසාම බියක් සැකක් නැතිව වැඩි දෙනෙක් මේවා ආහාරයට ගත්ත ද මයික්‍රොවේව් බෑගවල දැමූ පොප්කෝන් කෑමට ගැනීම නම් සුදුසුම නැත. ඒ පොප්කෝන්වල විස නිසා නම් නෙවෙයි. මයික්‍රොවේව් බෑග්වල ඇති පර්ෆ්ලුරූටනොයික් (පීඑෆ්ඕඒ) රසායනය මීට හේතුවය. මේවා වකුගඩුවල, මුත්‍රාශයේ, අක්මාවේ, වෘෂණකෝෂවල පිළිකා ඇතිවීමට හේතුවන බව සොයා ගෙන තිබේ.

* සෝඩා - සෝඩාවල අධික මට්ටමින් සීනි ඇති නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවට අයත් වන්නේ නම් නැත. බර වැඩි වීම, ප්‍රදාහයන්, ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව වැනි ගැටලු රැසක් මෙමඟින් හට ගැනීමට පුළුවන. අධික සීනි පමණක් නොව සෝඩාවල කෘත්‍රිම වර්ණක සහ රසායන ද අඩංගු අතර ඒවා පිළිකා කාරකය.

ටින් කළ ආහාර - ටින්වල ඇති ආහාර පිළිකා කාරක නොවුණ ද, පිළිකා කාරක රසායන අඩංගුව ඇත්තේ ගබඩා කළ ටින් එකේය. මේ ටින් (කෑන්)වල බිස්ෆෙමෝල්-ඒ අඩංගු අතර ඒවා පිළිකා කාරක වේ. විශේෂයෙන්ම තක්කාලි වැනි අධික අම්ල අඩංගු ටින් කළ ආහාර කිසිසේත්ම කෑමට නොගත යුතුය. ඒවායේ අම්ල නිසා බිස්ෆෙනෝල් ඒ අධිකව අඩංගු වී තිබිය හැකිය. ටින් කළ ආහාර වෙනුවට ශීත කළ ආහාර මිලදී ගන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අන්තර් ජාලයෙනි චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.