අසිරිමත් මාතාවක් ඉතා වැදගත් කෘතියක්

ඔක්තෝබර් 2, 2020

ජාතියෙ ජීවනාලිය නම් දරු පරපුරයි. යහපත් දරු පරපුරක් තැනීම යනු යහපත්, උදාර ජාතියක් තැනීමේ පදනමයි. බොහෝ දෙනෙකු සිතන්නේ දරුවා යහපත් ව තැනිය යුත්තේ බිළිඳු අවධියේ සිට බවයි. එහෙත් සැබවින්ම සලකන කල්හි පෙනී යනුයේ යහපත්ව තැනීම ඇරඹිය යුත්තේ මවු කුසේ සිට ම බවයි. ශ්‍රේෂ්ඨ ජාතික වීරයකු වූ පියදාස සිරිසේන ශූරීන් දරුවාගේ පළමු වන පාසල යනු මව්කුස බව දක්වා ඇත්තේ ඒ හෙයිනි. 

යථෝක්ත සත්‍යය මැනවින් වටහා ගත් බුද්ධිමතෙකු වන විශ්වකීර්ති එන්ස්ලි එඩ්වඩ් අමරසිංහ මහතා මාතෘ ගර්භයේ සිට ම දරුවා සුපරික්ෂිතව, ධාර්මිකව තැනීම සඳහා විශේෂ කර්තව්‍ය කිහිපයක් සිදුකරමින් සිටී. “අසිරිමත් මාතෘකාවක්” නමින් පළ කොට අගනා කෘතිය එතුමාගේ ප්‍රයත්නයේ එක්තරා සුවිශේෂ අවස්ථාවකි. 

විවාහයට පෙර සිටම කාන්තාවක මවක වීම සඳහා සුදුසු විය යුතු අන්දම, කායික මානසික වශයෙන් ඒ සඳහා සකස් විය යුතු අන්දම, කළයුතු, නොකළයුතු කටයුතු, ධාර්මිකව හැසිරීමේ වැදගත්කම, ගත යුතු ආහාර පාන, චිත්ත තත්ත්වය, මානසික පසුබිම, යහපත්ව තබාගැනීමේ වැදගත්කම, යහපත් පවුල් සබඳතා, ස්වාමි භාර්යා සම්බන්ධතා, ගර්භනී මාතාවකට බලපාන අන්දම වැනි මහාර්ඝ කාරණා රාශියක් මේ කුඩා පුස්තිකාවෙහි අන්තර්ගතය. ‘යාදිසං වපතෙ බීජං - තාදීසං හරතෙ ඵලං’ යන ධර්ම පාඨය තේමා කොටගත් මේ කෘතිය පිළිබඳව, සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න සූරීන් දක්වන අදහසින් කොටසක් මෙසේ ය. 

“මේ කුඩා පොත විශේෂයෙන්ම එතුමා (අමරසිංහ මහතා) අපේ දියණිවරුන් දැනුවත් කිරීම සඳහා සම්පාදිත ප්‍රායෝගික කෘතියකි. පෙර යොවුන් වියේ සිට ඉහළ වයස්වල සිටින සෑම ගැහැනු දරුවකු අතටම මේ කුඩා පොත පත් කළ යුතු යයි මම හඟිමි. සාර්ථක බිරිඳක වීමට, සාර්ථක මවක් වීමට, සාර්ථක පවුලක වාසනාවන්ත නායිකාවක වීමට නම් පොතෙන් පෙන්වා දෙන කරුණු අතිශයින්ම වැදගත් ය. .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.